මත්කුඩු චෝදනා ලද විදුහල්පති ගැන අලුත්ම කතාව

මත්කුඩු චෝදනා ලද විදුහල්පති ගැන අලුත්ම කතාව

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමයේ නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග සැකපිට අත්අඩංගුවට පත් නිලධාරියා 'විදුහල්පති' ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.

'විදුහල්පති' යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය වැඩිදුර සඳහන් කරන්නේ විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් නොවන අයෙකු එලෙස 'විදුහල්පති' නාමය භාවිතා කිරීම විදුහල්පති සේවයට කරන අසාධාරණයක් බවයි.

තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට "ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු" ලෙස හඳුන්වන ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න