ශ්‍රී ලංකා මහ බැංකුව වාහන ලීසිං පහසුකම් සඳහා අදාළ වන උපරිම ණය-වටිනාකම් (LTV) අනුපාත සංශෝධනය කර ඇත.
නව මාර්ගෝපදේශයන්ට අනුව, වාණිජ වාහන සඳහා උපරිම ලීසිං ප්‍රතිශතය 70% ක් ලෙස සකසා ඇති අතර, පෞද්ගලික වාහන සඳහා උපරිමය 50% කට සීමාකර ඇත.
මීට පෙර, ජූලි මාසයේදී, මහ බැංකුව වෙනම LTV කාණ්ඩ හතරක් ප්‍රකාශයට පත්කළේය.
එනම්, වාණිජ වාහන සඳහා 80%, පෞද්ගලික වාහන සඳහා 60%, ත්‍රිරෝද රථ සඳහා 50% සහ අනෙකුත් වාහන සඳහා 70%ක් වශයෙනි.
නවතම සංශෝධනය යටතේ, මේවා දැන් ප්‍රධාන කාණ්ඩ දෙකකට සරල කර ඇත.
එනම්, වාණිජ වාහන: උපරිම ලීසිං පහසුකම 70% දක්වා සහ පෞද්ගලික වාහන (මෝටර් රථ, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් පුද්ගලික භාවිත වාහන) සඳහා උපරිම ලීසිං පහසුකම 50% දක්වා වශයෙනි.
මහ බැංකුවේ නිවේදනය පහතින්,


