බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නක්; 16ක් මරුට; මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි

බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නක්; 16ක් මරුට; මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි

බංග්ලාදේශ ඇඟලුම් කම්හලක සහ ඊට ආසන්නයේ පිහිටි රසායනික ද්‍රව්‍ය තැන්පත් කළ ගබඩාවක   ඊයේ (14) හටගත් ගින්නකින් 16 දෙනකු ජීවිතක්ෂයට පත් විය.  අනතුරින් තවත් පිරිසක් තුවාළ ලබා සිටිති. මිය ගිය පුද්ගල සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට බලධාරීහු අනතුරු අඟවති. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඇඟලුම් කම්හලේ දෙවන සහ තෙවන මහල් වෙතින් දැවී ගිය  මළ සිරුරු  හමු වූ බව එරට ගිනි ආපදා සේවය පවසයි. මිය ගිය තවත් පුද්ගල මළ සිරුරු සොයා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

එරට ධකා අගනුවර තදාසන්නයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලකින් යුත් ඇඟලුම් කම්හලක ගින්න හටගෙන තිබිණි. පසුව, එය අසල වූ රසායනික ගබඩාවක් වෙත ද පැතිරුණු බව වාර්තා වේ. පැය තුනකට ආසන්න මෙහෙයුමකින් අනතුරුව ගින්න පාලනය කළ බව ගිනි ආපදා සේවය පැවසීය. ඇඟලුම් කම්හල හෝ රසායන ගබඩාව සතුව ගිනි ආරක්ෂණ සහතික නොපැවති   බවට ද වාර්තා වේ.  

බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද්  යුනුස් (Muhammad Yunus) සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පල කර සිටී.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
10/15/2025

Bangladesh garment factory fire kills 16, toll may rise

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න