නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා නව තේරීම් කමිටුවක් පත්කර ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම තේරීම් කමිටුවේ සියලුම ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර මෑතකදී විශ්‍රාම ලැබුවන් වීමය.
ඒ අනුව හිටපු ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංග සභාපති ධූරය දරණ නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස දඟ පන්දු යවන්නන් වන ඩිල්රුවන් පෙරේරා සහ අජන්ත මෙන්ඩිස් මෙන්ම හිටපු ආරම්භක පිතිකරුවකු වන තරංග පරණවිතාන පත්කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
