කළුතර සිසුවියගේ මරණය ගැන ළමා ආරක්ෂක අධිකාරිය කතා කරයි !

කළුතර සිසුවියගේ මරණය ගැන ළමා ආරක්ෂක අධිකාරිය කතා කරයි !

අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දී ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදයකුමාර අමරසිංහ පවසන්නේ දැරියගේ ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවය.

එමෙන්ම මියගිය දැරියට යම් ලිංගික අපයෝජනයක් සිදුව ඇති බවට සැක කළ හැකි සාධක පවතින බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

"මෙය ඉතාම බරපතළ තත්ත්වයක්. මෙවැනි සිදුවීම්වලින් අනතුරුව නීතිය බලාත්මක කිරීම තුළින් පමණක් දරුවන්ගේ සුරක්ෂිතතාවය තහවුරු වෙන්නේ නෑ. දෙමාපියන්ට, භාරකරුවන්ට සහ ඥාතීන්ට විශාල වගකීමක් තියෙනවා මේ නව යෞවන වයසේ පසුවෙන දරුවන්ගේ ආරක්ෂාව සලසා දීමට. විශේෂයෙන්ම තරුණ දියණිවරු ඉන්න දෙමාපියන්, භාරකරුවන් තරුණ දරුවන් සිටින දෙමාපියන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන් සම්බන්ධතා පවත්වන්නේ කවර ආකාරයක අය සමඟ ද? ඔවුන් යන එන අය ගැන කල්පනාවෙන් හිටියොත් මෙවැනි ඛේදජනක සිදුවීම් වළක්වා ගන්න පුළුවන්." යනුවෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටියි.

යම් අපයෝජනයක් සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් ඔබ ළඟ තිබේ නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට හැකි ඉක්මනින් වාර්තා කළ හැකි බවත් 119 හදිසි පොලිස් ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දීමෙන් ද ඒ පිළිබඳ තොරතුරු ලබාදිය හැකි බවත් සිහිපත් කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා, ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැය 24 පුරා ක්‍රියාත්මක 1929 දුරකථන අංකයට ද සත්‍ය තොරතුරු වෙතොත් දැනුම් දිය හැකි බවත් පවසයි.

එසේම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සියලුදෙනා එක්ව සහයෝගය ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න