පෙරපාසල් දරුවන්ගේ පෝෂණය නංවන්න විශේෂ වැඩසටහනක් !

පෙරපාසල් දරුවන්ගේ පෝෂණය නංවන්න විශේෂ වැඩසටහනක් !

කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටින්නේ අදාළ වැඩපිළිවෙළ යටතේ පෙර පාසල් දරුවන් සඳහා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

ලබන මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍යවරිය පවසන අතර එහිදී ඇය මෙසේද පවසයි.

"අපි වැඩපිළිවෙලක් විදියට අලුතින්ම පටන් ගත්තා අධිපෝෂණයෙන් යුත් බිස්කට් වර්ගයක් පෙර පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන්න. ඒ සඳහා සියල්ල සූදානම් කරමින් ලබන මාසේ වෙනකොට බෙදන්න ගන්නවා. ඊට අමතරව දරුවන්ට බිත්තරයක් වගේ පෝෂදායි ආහාර වේලකට අවශ්‍ය දේවල් අඩු මුදලකට ලබා දෙන්න කටයුතු කරනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න