සුළි කුණාටුවක් හා නාය යෑම් අනතුරු ඇඟවීමක්

සුළි කුණාටුවක් හා නාය යෑම් අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

එම නිවේදනය හෙට (08) පස්වරු 3.00 දක්වා බලපැවැත්වේ.

මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත.

එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිසා උතුරු අක්ෂාංශ 5 - 10ත් අතර, නැගෙනහිර දේශාංශ 90 - 100ත් අතර සහ උතුරු අක්ෂාංශ 1 - 4ත් සහ නැගෙනහිර දේශාංශ 85 - 92ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින කිහිපයේ දී යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර, දිවයිනේ දිස්ත්‍රික් 05ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මාතලේ, බදුල්ල, කුරුණෑගල, කෑගල්ල සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා ‌එම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව අද (07) උදෑසන 9 සිට හෙට උදෑසන 9 දක්වා එම අනතුරු අඟවීම බලපැවැත්වේ.

අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශ මෙසේය,

බදුල්ල දිස්ත්‍රික්කය:

  • පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය:

  • නාගොඩ
  • ඇල්පිටිය
  • බද්දේගම
  • යක්කලමුල්ල

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • යටියන්තොට
  • රඹුක්කන
  • දැරණියගල
  • මාවනැල්ල
  • කෑගල්ල
  • ගලිගමුව

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  • රිදීගම
  • මාවතගම
  • අලව්ව
  • පොල්ගහවෙල


මාතලේ දිස්ත්‍රික්කය:

  • පල්ලෙපොළ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න