පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුවේදී : ජනාධිපති තෙවැනි චාල්ස් රජුට සුබ පතයි !

පොදුරාජ්‍ය මණ්ඩල නායක හමුවේදී : ජනාධිපති තෙවැනි චාල්ස් රජුට සුබ පතයි !

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද ඊට සහභාගි විය.

එහිදී ජනාධිපතිවරයා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක් කරමින් සුහද කථා බහක නිරත වූ අතර එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල නායකයන් හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටු කළ යුතු බවයි.

ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවට සමගාමීව පැවති 'Fireside Chat' වැඩසටහන සඳහා ද මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.
'Fireside Chat' වැඩසටහන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අදාළ විවිධ කරුණු සාකච්ඡා කෙරෙන වේදිකාවකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඝානා ජනරජයේ ජනාධිපති නානා අකුෆෝ-ඇඩ්ඩෝ (Nana Addo Dankwa Akufo-Addo) මහතා අතර හමුවක් ද ඊයේ (05) සිදු වූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී නායකයින් සාකච්ඡා කළහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රුවන්ඩා ජනාධිපති පෝල් කගමේ (Paul Kagame) ද ඊයේ හමු වී සාකච්ඡා පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී අවධානය යොමු වූ අතර විශේෂයෙන් කෘෂිකර්ම හා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව දෙරට අතර පවතින නව ආයෝජන අවස්ථා සොයා බැලීමට එකඟතාව පළ කෙරිණි.

දෙරටේම අදාළ අමාත්‍යවරුන් දෙරට අතර සංචාරය කරමින් ඒ පිළිබඳ ඉදිරි සාකච්ඡා පැවැත්විමට ද තීරණය කෙරිණි.

එමෙන්ම ශ්‍රි ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක සහයෝගිතාව පුළුල් කර ගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර ස්වභාවික විපත්වලදී කඩිනමින් ක්‍රියාත්මකවීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්හි සහාය රුවන්ඩාවට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එකඟතාව පළ කළේය.

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනූක් කොළඹගේ යන මහත්ම මහත්මීහු ද මෙම හමුවට එක් වූහ.

{gallery}chals{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න