කෝටිපති ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු කිහිපයක් ගැන විශේෂ අවධානය යොමුවී ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
එසේම තොරතුරු සොයා බැලීම සඳහා ඔහු ගමන් කළ මාර්ගය අවට සීසීටීවී කැමරා විස්සකට අධික සංඛ්‍යාවක පටිගතවූ දර්ශන පරීක්ෂාවට ලක් කර ඇති බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම සීසීටීවී දර්ශන පරීක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායම් පහක් යොදවා ඇති බවත් දැනගන්නට ඇත.
මෙයට අමතරව ඔහුගේ ජංගම දුරකථනයේ සඳහන්ව ඇති තොරතුරු සම්බන්ධයෙන් දුරකතන සමාගම්වල සහාය ඇතුව වෙනම විමර්ශනයක් පවත්වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
