ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු සභාපතිවරයකු සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ මුත්තු සිවලිංගම් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 79 වැනි වියෙහි පසුවිය.
1962 වසරේදී වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වශයෙන් දේශපාලනයට පිවිසි මුත්තු සිවලිංගම්, මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් යහපාලන රජය සමයේ ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය.
ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරයෙන් ඉවත් වූ පසුවත් ඔහු පක්ෂයේ අනුශාසකවරයකු වශයෙන් දිගටම කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
