මහින්ද එක්ක නැගිටින්න ගියාට : විරෝධය ඇතුලෙන්ම !

මහින්ද එක්ක නැගිටින්න ගියාට  : විරෝධය ඇතුලෙන්ම !

මහින්ද රාජපක්ෂ ඉස්සරහට දාගෙන කළුතරින් පටන්ගත්තු  ' මහින්දත් සමග නැගිටිමු ' රැස්වීම ගැන, පොහොට්ටුවේ ම සමහරු බරපතල විදියට විවේචනය කරන්න පටන් අරන්..

පොහොට්ටුවේ සමහරු කියන්නේ, මහින්දව පෙන්න පෙන්න ජෝනිල - රෝහිතල කැබිනට් ඇමතිකන් ගන්න දඟලනවා කියල.

'' පහුගිය කාලේ වෙච්ච දේවල්වලින් මෙයාල පාඩම් ඉගෙන ගෙන නෑ .. අපේ මිනිස්සුත් දැන් ඉල්ලන්නේ කාංචන - රමේෂ් වගේ,, අලුත් මුහුණු..

අපේ අයටත් පේන්න බැරි ඔය ජොනීලා- රෝහිතලා - පවිත්‍රලා එක්ක මොන අලුත් ගමනක් ද ? අපේ මිනිස්සු බනිනවා. අසනීපවෙලා ඉන්න මහින්දට දැන් මේවා තේරුම් ගන්න හයියක් නෑ .. ජොනීලා , මහින්ද ජනාධිපතිතුමාගේ ගෙදරට වෙලා ඉඳගෙන එතුමාව උසිගන්නවා ''

පොහොට්ටු මන්ත්‍රීලා කීප දෙනෙක් එක්ක, එහෙම කතාවක් කියල තියෙන්නේ , රාජපක්ෂ පවුලේම කෙනෙක්..

'' මෙහෙම ගියොත් නාමල්ට 2030 ත් හුළං තමයි.. '' පවුලේ කෙනා එහෙමත් කියල ලු..

''ඔය සෙට් එක අපේ පැත්තට එක්ක එන්න එපා '' ප්‍රාදේශීය පොහොට්ටුවෝ දැන් තියාම කියන්න පටන් අරන් ලු..

දැන් ඔය ඊළග රැස්වීම තියෙන්නෙ නාවලපිටියෙ ලු. සංවිධානේ කරන්නේ මහී ලු.. ..මහී කිව්වේ මහින්දානන්ද ..

ඒ රැස්වීමට ජොනීලා - රෝහිතලා පැත්ත පළාතක වැද්ද ගන්නේ නෑ කියලා , මහින්දාන්නද මහින්දටයි - සාගර ටයි දෙන්නටම කියල ලු.

කොහොමටත් මේ දවස්වල රෝහිතයි - මහින්දානන්දයි ඉන්නේ නයි මුගටි සීන් එකක.

ජොනීලා වෙනුවට කාන්චනයි - රමේෂ් පතිරනටයි , නාමල් එක්ක නාවලපිටියේ යනවා කියල තමයි ආරංචි..

ඔය විතරක් නෙමෙයි , අසනීප තත්වේ නිසා, මහින්ද ජනාධිපති රනිල් ගැන මොන කතා කිව්වත්, කළුතර රැස්වීමේදී ජොනීලා - පවිත්‍රලා ජනාධිපති රනිල්ට හින්ට් පාස් කරපු එක ගැන, පොහොට්ටුවේ සමහරු ඉන්නේ ලොකු අවුලක ලු..

රැස්වීමට පස්සෙන්දා පොහොට්ටුවට පක්ෂ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ඒ ගැන ජොනීලට දොස් කියල තිබුනා.

''රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ, ඒ මොහොතේ රටට අවශ්‍යම පුද්ගලයා එතුමා නිසා'' කියල තමන්ගේ FB එකේ පොස්ටුවක් දාලා තිබුනේ වෙනින් කවුරුවත් නෙමෙයි, පොහොට්ටුවේ න්‍යායාචාර්යවරයකු වන ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ...

රනිල් ජනාධිපති ධුරයට පත්වීම , රටේ ජයග්‍රහණයක් කියලයි, මහින්ද පතිරණ කියන්නේ..

මහින්ද පතිරණ එහෙම කියල තිබුනේ , පසුගිය 8 වනදා , කළුතරදී මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච, විශේෂ ජන රැළිය පිළිබඳ, අදහස් දක්වමින් ..

ජොනියලට ඇතුළෙන්ම තියන විරොදේ පේනවා නේද ?

-දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න