ආණ්ඩුවේ අයත් මහනුවර කලහයට සම්බන්දයි - රවී

ආණ්ඩුවේ අයත් මහනුවර කලහයට සම්බන්දයි - රවී

මහනුවර කලහයට සම්බන්ද පුද්ගලයන් ආණ්ඩුව ඇතුලේ සිටින බවට හිටපු ඇමති රවි කරුනානායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් ඉගි පල කලේය.

‘අපේ ආණ්ඩුව ඇතුලෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව වෘකයො බැටළු ඇදුම් ඇදගෙන. හැම පවුලකම කළු බැටලූවෙක් ඉන්නව. ඒ වගේම ආණ්ඩුවෙත් ඉන්නව’ යයිද හිටපු ඇමතිවරයා කියා සිටියේය.

කෙසේවුවද කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසන්නේ, මහනුවර දිස්ත්‍රීක්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම ගැටුමට සම්බන්ධ බවයි.

 ගැටුම් පිටුපස සිටි දේශපාලඥයන් !

මේ අතර ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසන්නේ, සිංහල – මුස්ලිම් මරා ගැනිල්ලකට පාර කැපුවේ ආණ්ඩුවේ ආශිර්වාදය ලබන සිංහල හා මුස්ලිම් මැරකම් කණ්ඩායම් බව රට පුරා සිදුව ඇති ලේ වැකි සිදුවීම්වලින් පැහැදිලි වන බවයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ චෝදනා කර සිටියේය.

එහිදී වැඩිදුරටත්ටත් අදහස් දැක්වූ සමරවීර මහතා මෙසේද සඳහන් කළේය.

''අම්පාර මුස්ලිම් කොත්තු කඬේ සිදුවීම් පිටුපස ඉන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයෙක්.

ඉන්පසුව දිගන නගරයේ සිදු වූ සාපරාධී, ප්‍රකෝපකාරී තත්ත්වයට මුල් වූ කුමාරසිංහ නමැති සිංහල තරුණයාගේ ඝාතනයට අදාළ මුස්ලිම් තරුණයන් අත්අඩංගුවට නොගැනීම බලපෑම් කළෙත් ආණ්ඩුවේ දේශපාලනඥයෙක්.

ඒ වගේම කුලියාපිටිය නගරයේ මුස්ලිම් වෙළඳසැල්වලට පහරදීම නිසා අත්අඩංගුවට ගත් මැරයන් පැයකින් නිදහස් කර ගත්තේ එජාප ප්‍රබල ඇමතිවරයෙක්.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආශිර්වාද සිංහල – මුස්ලිම් මැරයන් තමයි මේ මහා මරා ගැනිල්ලට පාර කැපුවේ..

සිංහල – මුස්ලිම් මිනිසුන්ගේ මළ කඳන් මතින්, ගිනි ගත් දේපල හා ලේ ගංගා මැදින් ඇවිත් ආණ්ඩුව තමන් මුහුණ දී තිබෙන විශ්වාසභංගය යටපත් කරගන්න හදනවා'' යයි ද ඔහු කියා සිටියේය.

suspect

'මහසොහොන් බලකායේ’ ලොක්කාගේ ඇමතිගේ සබදතා හෙලිවෙයි'

මේ අතර මහනුවර ප්‍රදේශයේ ඇති වූ කෝලාහලය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගන්නා ලද ‘මහසොහොන් බලකාය’ නම් සංවිධානයේ ප්‍රධානියා බව කියන අමිත් වීරසිංහ නම් පුද්ගලයා කලකට පෙර වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් හා සමීප සබදතා තිබුනු බවටත් මහසොහොන් බලකාය නිර්මාණය වූයේ එම ඇමතිවරයාගේ උවමනාව මත බවටත් අන්තර්ජාලයේ වාර්තා පළවේ.

මෙම ගැටුමට සම්පුර්ණයෙන් වගකිව යුත්තේ ජාතික ඇදුම ඇදගෙන කොළඹ දිස්ත්‍රීක්කයෙන් පාර්ලිමේන්තු ආ හීන්දෑරි උස ජෙහාන් කෙනෙක් යයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා එල්ල කලේය.

කෙසේවුවද පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, ආගම්වාදී ගැටුම් ඇතිකළ මහසොහොන් බලකාය පසුපස සිටින දේශපාලනඥයින් වහා රටට හෙළි කළ යුතු යයි අවධාරණය කර සිටියේය.

මහසොහොන් බලකාය කවුද? ඒ සඳහා අනුබල දෙන දේශපාලනඥයින් කවුරුන්ද, ඝාතන කල්ලි කණ්ඩායම් රටට වහාම ඉදිරිපත් කිරීම රජයේ වගකීම වන බවද ඔහු පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න