ගුවන් විදුලියේ මාර යුද්ධයක් !

ගුවන් විදුලියේ මාර යුද්ධයක් !

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා මෑතකදී පත්කළ හඩ්සන් සමරසිංහ සභාපතිවරයා සංස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා පොහොට්ටු වෘත්තීය සංගමයේ ලේකම් ඇතුළු  සාමාජිකයින් කිහිපදෙනෙකු ඊයේ (28) අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡාවක් කළ බව ගුවන් විදුලි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ ආයතනවල නව පත්කිරීම් හා උසස්කිරීම් සම්බන්ධයෙන් කැබිනට් නිරීක්ෂන හා මුදල් අමාත්‍යාංශ නියෝග වලට අනුව යමින් වර්තමාන සභාපතිවරයා හිටපු සභාපති හීන්කෙන්ද සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ එක්ව ලබාදී ඇති අයථා පත්වීම් සහ උසස්වීම් 300කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඒවා පත්නොකිරීමට තීරණය කිරීමත් සමග මෙම අර්බුදය  උත්සන්න වී ඇති බවත් පැවසෙයි.

මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගියදා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලත් සභාපති හඩ්සන් සමරසිංහ වෙත මෙම පත්කිරීම් සිදු කරන ලෙස බලපෑම් කර ඇති අතර මෙහිදී සභාපතිවරයා අමාත්‍යවරයාට සෘජුවම පවසා ඇත්තේ එම නියෝගය ලිඛිතව තමා වෙත එවන ලෙසයි. එහෙත් මේ දක්වා ලිඛිත නියෝගයක් අමාත්‍යවරයා ලබාදී නොමැති බවත් ගුවන් විදුලි සංස්ථාවේ  සභාපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

මේ අතර අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ පොහොට්ටු වෘත්තීය සංගමය හා එක්ව සභාපති හඩ්සන් ගෙදර යැවීමට කුමන්ත්‍රණ සිදුකරන බවත්, අද එනම් 29 දින පෙරවරුවේ පොහොට්ටු වෘත්තීය සංගමයේ නිළධාරීන්ට පොහොට්ටු කාර්යාලයට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවත් එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී පොහොට්ටු වෘත්තීය සංගමයේ සභාපතිවරයා පමණක් හඩ්සන් සමරසිංහ වෙනුවෙන් පෙනී සිටීමත් විශේෂත්වයක් වන අතර මේ නිසා අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල වෘත්තීය සංගමය අමතා පොහොට්ටු වෘත්තීය සංගම් සභාපතිවරයාද ඉවත් කිරීමට අදාළව අත්සන් සහිත ලිපියක් ලියා දෙන ලෙසද දන්වා ඇතැයි වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න