අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කර තිබේ.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දරාම පාර අද උදෑසන සිට හුදකලා කර ඇත.
එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශයේ කොටවල ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට හුදකලා කර තිබේ.
මේ අතර, මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් "ඩෙල්ටා ප්‍රභේදය" ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම හේතුවෙන්= එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබේ.
ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
