ඇඳිරි නීතිය මායිම් නොකරයි : පොලිස්පති භාවනාවේ !

ඇඳිරි නීතිය මායිම් නොකරයි : පොලිස්පති භාවනාවේ !

රජය විසින් මුළු රටටම බලපවෙත්වෙන පරිදි හදිසි නීතිය ප්‍රකාශයට පත්කර මහ නුවර ප්‍රදේශයට ඇඳිරි නිතිය පනවා ඇතත් කලහලකාරින් පොලිසිය හා හමුදා ආරක්ෂක අංශ කිසිඳු ලෙසකින් මායිම් නොකරමින් කටයුතු කරන බවට චෝදනා එල්ලවී ඇත.

මේ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කල විමසීමේදී කියා සිටියේ හදිසි නීතිය පනවා ඇතත් ඉහල දේශපාලන නායකත්වයෙන් හෝ ආරක්ෂක අංශ බලධාරීන්ගෙන් මෙහිදී ක්‍රියාකළ යුතු ආකාරය ගැන මෙතෙක් කිසිඳු නියෝගයක් ලැබී නොමැති බවයි.

'' ආණ්ඩුවෙන් හෝ ආරක්ෂක අංශ බලධාරීන් ගෙන් මෙතෙක් කිසිම නියෝගයක් ලැබීලා නැහැ. ඒ නිසා පොලිසියේ නිලධාරීන් දැන් ඉස්සර වගේ හිතුමතේ වැඩකරන්නේ නැහැ . ඒ කලේ එහෙම වැඩකරපු අය දැන් ඉන්නේ හිරගෙවල් වල. අපේ පොලිසියට මේවගේ සිද්ධියක් දවසින් දෙකින් ඉවර කරන්න පුළුවන්. ඒ සම්බන්ධ අත්දැකීම් ඕනෑතරම් තියනවා. එත් පොලිස්පතිවරයා තාම අපට හරි උපදෙසක් දීලා නැහැ. එයා කියන්නේ උදේට භාවනා කරන්න කියලා විතරයි. අද පොලිසියට නිසි දේශපාලන නායකත්වයක් නැහැ. අපිත් වෙනදේ බලාගෙන ඉන්නවා. ෆීල්ඩ් මාර්ෂල්ටවත් පොලිසිය බාර දුන්නොත් හොඳයි '' එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.

අහසට වෙඩි තියන්න අවසරයි :

කෙසේවුවද 'නිව්ස් ටියුබ්' වෙත වාර්තා වන්නේ ඕනෑම හදිසි තත්වයකදී මහජනයා විසුරුවා හැරීමට රබර් උණ්ඩ යොදා අහසට වෙඩි තබන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට නියෝගකර ඇති බවයි.

rizad 1000px 20 12 17

'පොලීසිය ජාතිවාදීන්ට උදවු කරනවා' - ඇමති රිෂාඩ්

මේ අතර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පවසන්නේ, පොලිසිය ජාතිවාදීනට උදවු කරමින් සිටින බවයි.

ඔහු මෙසේ පැවසුවේ රට තුල ඇතැම් ප්‍රදේශයන්හි ඇතිව තිබෙන කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වූ විවාදය අමතමිනි.

සුළු ජාතීන්ගේ සිත් බිදෙන අවස්තා ඇතිවීම කණ්ගාටුවට කරුණක් යයිද කී ඔහු එදා දෙමල ජනතාවට වූ දේ අද මුස්ලිම් ජනතාවට ඇති වීමට නොදෙන ලෙසද ඉල්ලා සිටියේය.

සමහර දේවස්ථානවලට ගිනි තැබුවේ පොලිසිය බලා සිටියදී බවත් පොලීසිය කිසි දෙයක් නොවන්නේ යයි කීවාට ගිනි තැබීම් සිදුවීම නරක තත්වයක් බවත් ඔහු කීය.

පොලිසිය ජාතිවාදීන්ට උදවු කරමින් සිටින බවත් බියෙන් සැකෙන් තොරව සුළු ජාතීන්ට ජීවත් වීමේ අවස්ථාව ඇති කල යුතු බවත් ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

galagoda a''මහනුවර සිදුවීම්වලට අගමැති හා පොලිස්පති වගකිව යුතුයි' - ඥානසාර හිමි

මේ අතර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන්නේ, 

මහනුවර තෙල්දෙණිය ආදී තදාසන්න ප්‍රදේශවල පසුගියදා ඇතිවූ අප්‍රසන්න සිදුවීම් වලට අගමැතිවරයා සහ පොලිස්පතිවරයා මුලික වශයෙන් වගකිවයුතු බවයි.

''තෙල්දෙණිය සිද්ධියේදි මෙහෙ සිද්ධියක් වෙලා තියෙනව, පුද්ගලයෙකුට පහරදීල තියෙනව, රෝහල් ගතකලා, දිනගනනක් ඇවෑමෙන් ඔහු මරණයට පත් උනා, ඒ පහර දීපු කණඩායම පොලිස් අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරා කියන පණිවිඩය රටට දුන්නානම් මේ තරුන කොටස් අතර ආවේග මතුවෙන්නෙ නෑ.'' යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

උන්වහන්සේ එම කාරණය සඳහන් කර සිටියේ, පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවක දීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න