කෝලාහල ඇති කිරීමට පැමිණි පිටස්තරයන් තවමත් මහනුවර

කෝලාහල ඇති කිරීමට පැමිණි පිටස්තරයන් තවමත් මහනුවර

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව ජාතිවාදී කෝලාහල ඇති කිරීම වෙනුවෙන් පිට පළාත් වලින් එම ප්‍රදේශයට පැමිණි පිරිස් තවමත් එම ප්‍රදේශයේ රැඳී සිටින බව විශ්වාසවන්ත ආරංචිමාර්ග වාර්තා කරයි.

හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇඳිරි නීතිය පනවා තිබු අවස්ථාවන් වලදී පවා ආරාක්ෂක අංශ මඟහැර මුස්ලීම් ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් සිටින්නේ එම පිරිස් බවත් එසේ ප්‍රහාර එල්ල කිරීම සඳහා එහි සිටින චීවරධාරීන්ද සිවිල් ඇඳුමින් සැරසී සහභාගීව සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

එසේම ආරක්ෂක අංශ අත්හැර පළාගොස් සිටින පුද්ගලයන්ද චීවරධාරීන් ලෙස මෙම පහරදීම් සඳහා එක්ව සිටින බවත් 7 වනදා වරින් වර මුස්ලීම් දේවස්ථාන වෙත පහරදී පලායාම් සිදුකලේ එම පිරිස් බවද වාර්තා වෙයි.

ප්‍රදේශයේ සිද්ධස්ථාන කිහිපයක මේ පිරිස් නැවතී සිටින බවත් මෙතෙක් ආරක්ෂක අංශ ඒ සම්බන්ධව කිසිඳු පරීක්ෂාවක් සිදුකර නොමැති බවද සඳහන් කරන එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ කඩිනමින් මෙම පිටස්තර පිරිස් ප්‍රදේශයෙන් පිටමං නොකළහොත් බරපතල ව්‍යසනයක් සිදුවීමේ අවධානමක් පවතින බවයි.

වැඩිදුරටත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ජාතිවාදී ප්‍රහාර සංවිධානය කරමින් කළහාකාරී ලෙස හැසිරෙන චීවරධාරීන් මැඩලීමට පොලිස් නිලධාරීන් මැලිවන ස්වභාවයක් පවතින බවය. එසේම පසුගිය සමයේ දිවයිනේ විවිධ ප්‍රදේශ වල එල්ල කළ ජාතිවාදී ප්‍රහාරයන් මෙහෙයවූ තරුණයින් බොහෝ අවස්ථා වලදී මෙම චීවරධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඔවුන් සමීපයේ සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පවා මෙතෙක් ආරක්ෂක අංශ සමත්ව නැති බවද ම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න