එන සතියේ සිට PCR නවත්වන්න කිව්වද : එජාපය ආණ්ඩුවෙන් අසයි !

එන සතියේ සිට PCR නවත්වන්න කිව්වද : එජාපය ආණ්ඩුවෙන් අසයි !

ලබන සතියේ සිට PCR පරීක්ෂණ සිදු කිරීම නවතන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයට උපදෙස් නිකුත්කර ඇති බවට තමන්ට වාර්තා වී ඇති බවත් එහි සත්‍ය අසත්‍ය තාව සම්බන්ධව රජය නිල ප්‍රකාශයක් සිදුකල යුතු බව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට බලකර සිටියි.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර විසින් මේ බව මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළ අතර දැනගන්නට ලැබී ඇති ආකාරයට PCR පරීක්ෂණ සිදුකිරීම අත්හිටුවන්න තීරණය ගෙන ඇත්තේ PCR කට්ටල ප්‍රමාණවත් ලෙස නොතිබීම බවත් ඔහු පැවසීය.

තමන්ට ලැබී අතෝ තොරතුරු වැරදි නම් වහාම රටට නිවැරදි තත්ත්වය හෙළිකිරීම ආණ්ඩුව විසින් කළයුතු බවත් එහිදී අහවල් ප්‍රමාණයක් මේ වන විට ඇති බව, මෙතරම් ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව සහ ඒ රටවල් මෙන්ම අහවල් කාල වකවානුවේදී ඒවා මෙරටට ලැබෙන බව ආණ්ඩුව සඳහන් කල යුතු බවත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

එහිදී ඔහු සඳහන් කර සිටියේ  අදාළ නිල ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය විසින් කල යුතු බවය.

එසේම රටේ තත්ත්වය එන්න එන්න බරපතල වන බවත් PCR කරන ප්‍රමාණයට ආසාදිතයන් වාර්තාවීම වැඩිවෙමින් ඇති බවත් එබැවින් අවධානම පාලනය කිරීමට අපකීර්තිය දරාගෙන වුවත් රට සති දෙකකට හෝ අගුලු ලෑමක්  කල යුතුව ඇති බවත් මහ ලේකම්වරයා අවධාරණය කර සිටියේය.

එවැනි තීන්දුවක් නොගතහොත් රටේ ආර්ථික අගාධයකට වඩා දරුණු පිපිරීමක් ඇතිවනු ඇති බවත් එම තත්ත්වයට ඉඩනොතබා නිවැරදි තීන්දුව ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය. නැතිනම් තමන්ට සුදුසු සුසානය හෝ තමන්ගේ ආරක්ෂාව තමන් සලසා ගන්නට ජනතාවට සිදුවන බවටත් ඔහු අනතුරු ඇඟවීය.

ආණ්ඩුවේ සැළැස්මක් නොමැති අත්තනෝමතික කටයුතු හේතුවෙන් රට බරපතළ තත්ත්වයට පත්වූ බවත් ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න