ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික නාලක එදිරිසිංහ අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ETI තැන්පත්කරුවන්ගේ රුපියල් බිලියන 13.7ක මුදලක් වංචා සහගත ලෙස ලබා ගැනීම හා මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ ස්වර්ණමහල් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් ඊයේ (05) පොලිස්පතිවරයාට නියෝග කර තිබීමට ප්‍රතිචාර දක්වමිනි.
ඒ අනුව ETI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ හා අංජලී දීපා එදිරිසිංහ යන සාමාජිකයින් ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහෙත් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් නියෝග කළ නාලක එදිරිසිංහ ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බැවින් ඔහු මෙසේ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
