අගමැති නීතිය හා සාමය ගත්තේ තවකාලිකව

අගමැති නීතිය හා සාමය ගත්තේ තවකාලිකව

නීතිය හා සාමය අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා භාරගෙන තිබෙන්නේ තාවකාලික පදනමින් බවත් ඉදිරි සති 2-3 ක කාලය තුළ එය වෙනත් අමාත්‍යවරයෙකුට පැවරීම නිශ්චිතව සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ කැබිනට් සංශෝධනය වෙනුවෙන් ඉදිරිපත් කළ එජාප ලේඛනය තුළ නීතිය හා සාමය අමාත්‍යංශය සඳහා නිර්දේශ කර තිබුණේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයා බවත් එම විෂය ඔහුට ලබාදීමට ශ්‍රීලනිප පාර්ශවය වෙතින් පළවූ විරෝධය හේතුවෙන් මේ ආකාරයට අග්‍රාමාත්‍යවරයා තාවකාලිකව එම වගකීම භාරගත් බවය.

එසේම ඉදිරියේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සමඟ මෙන්ම ශ්‍රීලනිප පාර්ශව සමඟ සාකච්ඡා කර අදාළ අමාත්‍යධුරය පිළිබඳ තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පුළුල් කැබිනට් සංශෝධනයක් සිදු කෙරෙනු ඇතැයි විශාල කතාබහක් පැතිර යමින් තිබුණත් අද (25) සිදු කෙරුණ කැබිනට් සංශෝධනය අමාත්‍යාංශ කීපයකට පමණක් සීමා විය.

කෙසේ වුවත් එජාප ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ නීතිය සහ සාමය අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා වෙත පැවරීම ඇතුළුව සිදුවූ වෙනස්කම් පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ විරෝධයක් පවතින බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න