9 වන පාර්ලිමේන්තුවේ සභානායක ජොනී : කතානායක මහින්ද යාපා

9 වන පාර්ලිමේන්තුවේ සභානායක ජොනී : කතානායක මහින්ද යාපා

මහාමාර්ග කැබිනට් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (20) පාර්ලිමේන්තුවේ නව ආණ්ඩු පක්ෂ ප්‍රධාන  සංවිධායකවරයා ලෙස වැඩ බාරගත්තේය.

එසේම කතානායක ලෙස තෝරා පත්කර ගැනුනේ මහින්ද යාපා අබේවර්ධන ය.   අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් කථානායක ධුරය සඳහා මහින්ද යාපා අබේවර්ධනගේ නම යෝජනා කළ අතර, එය ස්ථිර කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක  විසින් නව කථානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධනගේ නම ප්‍රකාශයට පත් කළ අතර යෝජනා ස්ථිර කළ මන්ත්‍රීවරුන් දෙපල විසින් නව කථානායකවරයා කථානායක අසුන වෙත කැඳවාගෙන යාම සිදුවිය. අනතුරුව මහින්ද යාපා අබේවර්ධන නවවන පාර්ලිමේන්තුවේ කථානායකවරයා  ලෙස දිවුරුම් දෙනු ලැබීය.

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම්දීම ඉන් පසුව සිදුවිය.

නවවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සියඹලාපිටිය  පත් කර තිබේ.

WhatsApp Image 2020 08 20 at 09.33.06 1

WhatsApp Image 2020 08 20 at 09.33.06 1

WhatsApp Image 2020 08 20 at 09.33.07

WhatsApp Image 2020 08 20 at 09.33.07 1

WhatsApp Image 2020 08 20 at 09.33.08

WhatsApp Image 2020 08 20 at 09.33.08 1

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න