බදාදා කැබිනට් සංශෝධනයක් ! - කිහිප දෙනෙකුට කැපිල්ලක් !!

බදාදා කැබිනට් සංශෝධනයක් ! - කිහිප දෙනෙකුට කැපිල්ලක් !!

කැබිනට් මණ්ඩල සංශෝධනයක් බදාදා (21) සිදුකෙරෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින දේශපාලන ගැටලුව විසඳාගැනීමෙන් පසුව නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රීයාත්මක වුවහොත් කැබිනට් සහ කැබිනට් නොවන ඇමතිවරුන්ගේ සංඛ්‍යාවේ වෙනසක් සිඳු නොවන අතර ඇමතිවරුන්ගේ විෂය සංශෝධනයක් පමණක් සිඳුකෙරෙනු ඇතැයි වාර්තාවේ.

එහෙත් ජාතික ආණ්ඩුවක් නොවන අවස්ථාවකදී කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 30කට සීමාවී කැබිනට් නොවන අමාත්‍යධූර සංඛ්‍යාව45 ක් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයේ සඳහන් වේ.

ජනපතිට අවනත නොවූ අයට කැපිල්ලක් !

මෙම කැබිනට් සංශෝධනයේදී ප්‍රබල වෙනසක් සිදු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති අතර ඒ අනුව නීතිය හා සාමය, මහාමාර්ග, විදේශ, ආයෝජන ප්‍රවර්ධන, කෘෂිකර්ම, නාගරික සංවර්ධන සහ ජනමාධ්‍ය යන අමාත්‍ය ධුර ඉදිරියේදී වෙනස් වීමට නියමිත බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පස්වරුවේ එජාප සභාපති මලික් සමරවික්‍රම මහතා කැඳවා දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත.

කෙසේවුවද මෙම කැබිනට් සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් නෙරපා හැරීමේ මෙහෙයුමට දායක නොවූ ශ්‍රීලනිප ඇමතිවරුන්ට කැපිල්ලක් සිදුවිය හැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න