එජාපයට 'අලුත් අනාගත නායක පරපුරක්'

එජාපයට 'අලුත් අනාගත නායක පරපුරක්'

'අලුත් අනාගත නායක පරපුරක්' ගොඩනැගීම ද අරමුණින් පක්ෂය විශාල ප්‍රතිසංවිධානයක් කෙරෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

අගමැතිවරයා එබව සඳහන් කළේ ඊයේ (පෙබ 16) අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය තුළ දීර්ඝ කාලයක් නායකත්වය දැරීම සමග මතුවී ඇති තත්ත්වය පිළිබඳව ද එහිදී මාධ්‍යවේදියකු කල විමසීමේදී ඊට පිළිතුරු දෙමින් එබව පැවසු අගමැතිවරයා, එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ගෙන ඒම සඳහා පක්ෂය තුළ වහාම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කෙරෙනු ඇති බව අවධාරණය කළේය.

2015 ජනවාරි මස ලැබූ ජනවරම රකිමින් පවතින හවුල් ආණ්ඩුව "තවදුරටත් ක්‍රියාත්මක" බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

අගමැතිවරයා ඉවත් විය යුතු යැයි කෙරෙන ප්‍රකාශ හමුවේ කුමක් කරන්නේදැයි බීබීසී සිංහල සේවය එහිදී කළ විමසීමට පිළිතුරු දුන් අගමැතිවරයා කියා සිටියේ "ව්‍යවස්ථාවට" අනුව ක්‍රියාකරන බව ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න