Language Switcher

V2025

ඇමරිකන් ආණ්ඩුව යළි අකර්මණ්‍ය වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive

නියමිත කාල සීමාවට පෙර නව අයවැය පනත් කෙටුම්පත සඳහා ඡන්දය ලබා දීමට කොංග්‍රස් මණ්ඩලය අපොහොසත් වීම හේතුවෙන් මේ වසරේ දෙවන වරටත් ඇමරිකානු ආණ්ඩුව නිල වශයෙන් අකර්මණ්‍ය විය.

කෙසේ නමුත්, මේ වනවිට ඉදිරි වසර දෙකක් සඳහා වන අයවැය අනුමත කර ගැනීම සඳහා කොංග්‍රස් සභිකයන් සිය ඡන්දය ප්‍රකාශ කර ඇත.

අයවැයට අදාළ ක්‍රියාමාර්ග සඳහා සෙනට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මේවනවිට ලැබී ඇති නමුත්, ඊට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබිය යුතුය.

නියමිත දිනට පෙර සෙනට් සභාව අනුමැතිය ලබා දීමට අපොහොසත් වීම හේතුවෙන් ෆෙඩරල් ආණ්ඩුව විසින් රජයේ ආයතන වෙත දෙන ලද ප්‍රතිපාදන ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

පිටු 600 යුත් නව සැලසුම් මගින් ආරක්ෂක සහ දේශීය සේවා සඳහා ලබාදෙන ප්‍රතිපාදන ඇමරිකානු ඩොලර් බිලියන 300 කින් ඉහළ නංවා ඇත.

කෙසේ නමුත්, අදාළ යෝජනා සම්බන්ධයෙන් රිපබ්ලිකන් පාක්ෂික රෑන්ඩ් පෝල් අවසන් මොහොතේ මතුකළ විරෝධතා හේතුවෙන් ඡන්දය ලබා දීම සඳහා සෙනට් මණ්ඩලයට අරගල කිරීමට සිදු විය.

 99951989 768f345a e3b2 434e 8e38 34ac0dca8459ආණ්ඩුව අකර්මණ්‍ය වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, මධ්‍යම රජයට අයත් බොහෝ කාර්යාංශවලට ක්‍රියාත්මක වීමට නොහැකි තත්ත්වයක් උදාවීමය.

එවැනි අවස්ථාවක දී අත්‍යාවශ්‍ය සේවා යටතට ගැනෙන රාජ්‍ය ආරක්ෂක කටයුතු සහ සෞඛ්‍ය අංශ ක්‍රියාත්මක වන නමුත්, බොහෝ රාජ්‍ය ආයතන වසා දමනු ලැබෙයි.

රාජ්‍ය අංශයේ සේවයේ නිරත අඩක් පමණ සේවකයන් වැටුප් රහිත නිවාඩු යවනු ඇත.

ජාතික උද්‍යාන සහ ස්මාරක ද වසා තැබීමට සිදු වෙයි.

මෙම අර්බුදය නිසා සතියකට සිදුවන අලාභය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.