Image

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුවා දිවයිනට රැගෙන එයි!

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුවා දිවයිනට රැගෙන එයි!

සැකකරු සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන තවත් දෙදෙනකුද රැගෙන විත් ඇති අතර ඔවුන් ද එම කාර්යාංශය වෙත භාර දී ඇති බව සඳහන් වේ.
මෙලෙස මෙරටට රැගෙන ආ ශිරාන් බාසික් නැමැත්තා ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි. 48 හැවිරිදි ඔහු: දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු 2018 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් තිබුණි.

ඉකුත් ඉරාන - අමෙරිකා යුද්ධයේ දී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටිය දී පසුගිය මැයි මස 26වෙනිදා ඩුබායි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔහු ඇතුළු සැකකරුවන් ඊයේ(14) රාත්‍රියේ අබුඩාබි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආවේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සන්තකයේ තබා ගැනීම, බරපතළ හා තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම සහ අනර්ථයක් / හානියන් සිදු කිරීම යන චෝදනා ගොනුව සැකකරුට විරුද්ධව පවතින බව පොලීසිය පැවසී ය.

එමෙන්ම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මගින් උපයාගෙන ඇති බවට සැක කෙරෙන නීති විරෝධී වත්කම් පිළිබඳව ද ඉදිරීයේ දී විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න