Image

1990 සුවසැරිය පදනමේ දස වසරක මෙහෙවර සැමරුමට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්

1990 සුවසැරිය පදනමේ දස වසරක මෙහෙවර සැමරුමට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්

“ජීවිත බේරාගන්නා සේවයකින් තවත් ජීවිත රැකගැනීමට” යන අරමුණ පෙරදැරි කරගනිමින් සංවිධානය කළ මෙම ලේ දන් දීමේ වැඩසටහන පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ක්‍රියාත්මක විය. 

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය ඔස්සේ වසර දහයක් පුරා ජනතාව ගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් ලබාදුන් අමිල සේවයට සමගාමීව පැවැත්වූ මෙම සමාජ සත්කාර වැඩසටහන සඳහා සුවසැරිය පදනමේ කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙන්ම අවට පිරිස් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.  

WhatsApp Image 2026 07 28 at 9.51.08 AM

මෙහි දී සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් ලේ දන්දීම සඳහා ඉදිරිපත් වූ අතර, ඔවුන් ගේ දායකත්වය මගින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය රුධිර සැපයුම ශක්තිමත් කිරීමට දායකත්වයක් ලබාදීමට හැකි විය.  

මෙම අවස්ථාවට 1990 සුවසැරිය පදනමේ සභාපති විශ්‍රාමික මේජර් නිරෝෂන් රත්නායක ඇතුළු පදනමේ නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.  

WhatsApp Image 2026 07 28 at 9.51.08 AM 1

1990 සුවසැරිය පදනම යනු ශ්‍රී ලංකාව තුළ රෝගීන් රෝහල් වෙත ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රියාත්මක වන මුළුමනින්ම නොමිලේ සැපයෙන හදිසි ගිලන් රථ සේවාවකි.  “ජීවිතයක් සුරැකීම” යන්න ප්‍රමුඛ අභිමතාර්ථය කරගනිමින් 1990 සුවසැරිය පදනම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පනතකින් බලාත්මක කර ඇත. ආරම්භයේ දී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ජාතික හදිසි ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබයි. 

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න