Image

අඳුරේ ගැඹුරින් මනුෂ්‍යත්වයේ ආලෝකය සොයා යන 'Out of the Depths' ග්‍රන්ථය එළිදැක්වේ

අඳුරේ ගැඹුරින් මනුෂ්‍යත්වයේ ආලෝකය සොයා යන 'Out of the Depths' ග්‍රන්ථය එළිදැක්වේ

මහනුවර රදගුරු අතිඋතුම් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් රචිත “Out of the Depths – A Collection of Articles” ග්‍රන්ථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ 07, ග්‍රෑන්ඩ් මෙට්ලන්ඩ් හෝටලයේදී එළිදැක්වූයේ ය.

මිනිස් ජීවිතයේ අර්ථය, විශ්වාසය, බලාපොරොත්තුව සහ අභියෝග හමුවේ ආලෝකය සොයා යන ආධ්‍යාත්මික ගමන පිළිබඳ ගැඹුරු චින්තනයන් රැගත් මෙම ග්‍රන්ථය, අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් විවිධ අවස්ථාවල රචනා කරන ලද ලිපි එකතුවකි.

මෙම ග්‍රන්ථය එළිදැක්වූයේ හිමිපාණන්ගේ රදගුරු පදවි සේවයේ 20වන සංවත්සරය නිමිත්තෙනි.

මිනිසාගේ ආගමිකත්වය සහ භක්තිය, මානසික සුවතාව සහ යහපැවැත්ම, අන්තර් ආගමික සංවාදය, සභාවේ මෙහෙවර, තිරසර සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පාරිසරික අඛණ්ඩතාව යනාදි වර්තමාන සමාජයට බෙහෙවින් වැදගත් කරුණු රැසක් මෙම කෘතිය තුළ විග්‍රහ කර ඇත.

WhatsApp Image 2026 07 13 at 10.18.37 AM

“Out of the Depths” යන නාමය තුළින්ම ප්‍රකාශ වන පරිදි, ජීවිතයේ ගැඹුරු අත්දැකීම් සහ අභියෝග මධ්‍යයේ සිට බලාපොරොත්තුව, විශ්වාසය සහ මනුෂ්‍යත්වයේ ආලෝකය සොයා යන ගමනක් මෙම කෘතිය ඔස්සේ ඉදිරිපත් කෙරේ.

අතිඋතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් ගේ දීර්ඝ ආගමික සහ සමාජීය සේවා අත්දැකීම් මෙන්ම මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගත් දැක්ම මෙම ග්‍රන්ථය තුළින් පිළිබිඹු වන අතර, එය ශ්‍රී ලංකාවේ ආගමික, සමාජීය සහ මානවීය සංවාදය තවදුරටත් ශක්තිමත් කරන වටිනා කෘතියක් ලෙස ද හැඳින්විය හැකි ය.

WhatsApp Image 2026 07 13 at 10.18.37 AM 1

ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ, ආචාර්ය වඩිනාගල පඥ්ඥාලෝක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රෙස්කර, විශේෂඥ වෛද්‍යවරුන් රුවන් ඒකනායක, ක්‍රිෂාන්ත මෙන්ඩිස්, අජිත් කරුණානායක, බස්නාහිර පළාතේ  ප්‍රධාන ලේකම් ප්‍රදීප් පුෂ්පකුමාර, මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුජානි ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන අය මෙන්ම පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 07 13 at 10.22.53 AM

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න