මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය ගේ සාක්ෂිය නැවත කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (04) අවසර ලබා දුන්නේ ය.
මෙම නඩුව, සභාපති විනිසුරු නයනා සෙනවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 121/1 විජේරාම මාවත, කොළඹ 7 පිහිටි ලිපිනයේ ස්ථාපිත වූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දි විභාගයට ගත්තේ ය.
පසුගිය ජූලි 24වන දා නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ නඩුවේ සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නැවත ලබා ගැනීමට අවශ්‍ය බවයි. ඊට විත්තිකාර පාර්ශවය විරෝධතා ඉදිරිපත් කළ අතර එම විරෝධතා සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝගයක් ලබා දෙමින් සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර හෙවත් මුරලි යන අය නැවත සාක්ෂියට කැඳවීමට පැමිණිල්ලට අවසර ලබා දුන්නේ ය.
අනතුරුව පසුගිය නඩු වාරයේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ, විත්තියේ නිතීඥවරුන් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කළේ ය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලෙසත්, එම අභියාචනා පෙත්සම විභාග කොට තීන්දුව ලබාදෙන තුරු මෙම මහාධිකරණයේ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවත් ඔවුවු තර්ක කළහ. ඒ අනුව එම අභියාචනයේ තීන්දුව ලැබෙන තුරු සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය නොකැඳවන ලෙස ඉල්ලා තිබිණි.
ඒ අනුව (සැප් :04) දින විනිසුරු මඩුල්ල නිවේදනය කළේ නඩුවකට අදාළව නිකුත් කර තිබෙන අතුරු නියෝගයක් අභියෝගයට ලක් කළ නොහැකි බවත්, එමනිසා සිව්වන විත්තිකරුගේ සාක්ෂිය කැඳවන බවයි.
කෙසේ වෙතත් මෙම නඩුවේ හතරවෙනි සාක්ෂිකරු වන සුරේෂ් කුමාර සුමතිපාල විසින් 04වන දා අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමේ දී මෙම නඩුවේ පළමු විත්තිකාර ශම්මි කුමාරරත්න විසින් අවස්ථා කිහිපයක දී නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස සාක්ෂිකරුට තර්ජනය කර ඇති බව අනාවරණය විය. ඒ අනුව අද දින මෙම නඩුව වෙනුවෙන් වෙන්කර තිබූ කාල සීමාව අවසන් වූ බැවින් මෙම සාක්ෂියේ ඉතිරි කොටස ලබාගැනීම සඳහා අධිකරණයේ කටයුතු සැප්තැම්බර් 11 වනදා දක්වා කල් තැබීමට ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග නියෝග කළේ ය.
2010 වසරේ ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක දී ගිරිතලේ, හබරණ සහ කොට්ටාව යන ප්‍රදේශවල දී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නීතිපතිවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.
ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි), චමින්ද කුමාර අබේරත්න, කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ, ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනා මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත.
මුලාශ්‍ර - bbc.com (sinhala)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
