Image

විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා - EXPO-2027 පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වයි

විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා - EXPO-2027 පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පවත්වයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, 2026 ජුනි 12 වැනි දින, විදේශ අමාත්‍යාංශ පරිශ්‍රයේදී, ශ්‍රී ලංකා-EXPO 2027 පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වීය.

කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානීන් සහ නියෝජිතයින් මෙන්ම, නවදිල්ලියේ සහ අනෙකුත් විදේශ අගනගරවල පිහිටි, ශ්‍රී ලංකාව වෙත ප්‍රතීතනය කර ඇති දූත මණ්ඩල ප්‍රධානීන්/ ඔවුන් ගේ නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගී විය. විදේශයන්හි වෙසෙන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මාර්ගගතව මෙම අවස්ථාවට සහභාගී විය.

img 5

මෙම අවස්ථාවට: විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති යන අමාත්‍යවරුන් ගේ සම සභාපතිත්වයෙන් පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

img 2

2027 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත EXPO-2027, මෑත වසරවල දී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රදර්ශනය වනු ඇති බව, පිළිගැනීමේ අදහස් දක්වමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ සඳහන් කළාය.

රැස්ව සිටි පිරිස අමතමින්, අමාත්‍ය විජිත හේරත්: ජාත්‍යන්තර ආර්ථික කටයුතු පුළුල් කිරීම, වෙළෙඳාම සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ ලොව පුරා රටවල් සමඟ හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රධාන වේදිකාවක් ලෙස ශ්‍රී ලංකා-EXPO 2027 හි වැදගත්කම අවධාරණය කළේය. ව්‍යාපාරික ප්‍රජාවන්, වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගම් සහ ආයෝජක කණ්ඩායම්වල සහභාගීත්වය දිරිගැන්වීමේදී රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට ඉටු කළ හැකි වැදගත් කාර්යභාරය අමාත්‍ය හේරත් අවධාරණය කළ අතර, කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා-EXPO 2027 සඳහා එක්වන ලෙස රජයන්ට, ආයතනවලට සහ පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන්ට ආරාධනා කළේය.

img 1 1

රජයේ ජාතික ඛනිජ සම්පත් ප්‍රතිපත්තිය පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයමින්, ශ්‍රී ලංකාවේ අපනයන හා ආයෝජන ප්‍රවර්ධන ප්‍රයත්නයන් ඛනිජ සම්පත් ක්ෂේත්‍රය ඇතුළු පුළුල් පරාසයක අංශ ආවරණය වන පරිදි සංවර්ධනය කරන බවට, රාජ්‍යතාන්ත්‍රික බලකාය විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින්, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැහැදිලි කළේය.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ:  ශ්‍රී ලංකා - EXPO 2027 සම්බන්ධයෙන් වෙළඳ සබඳතා පුළුල් කිරීම සහ හවුල්කාරිත්වයන් ගොඩනැගීම සඳහා වන ගෝලීය වටිනාකම් සමග සම්බන්ධ වීමට  නිර්මාණය කරන අවස්ථා පිළිබඳ සඳහන් කළේය.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, මංගල විජේසිංහ, EXPO-2027 පිළිබඳව, සහභාගී වූ පිරිසට සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කළේය.

EXPO 2027 සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන් සහාය වීමට සහ දිරිගැන්වීමට හැකි ආකාරය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට, රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ට, මෙම සාකච්ඡාව අවස්ථාවක් සැලසීය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

විදේශ කටයුතුවිදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න