Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

රුපියල හොම්බෙන් : ඉතිහාසයේ සිදුනොවූ කඩාවැටීමක් !

ඉතිහාසයේ කිසිඳු දිනක සිදුනොවූ ලෙස   ශ්‍රී ලංකා රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව  වාර්තාගත ලෙස පහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තා හරහා පෙන්නුම් කරයි.

ඊට අනුව  එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (08) රුපියල් 203.50ක් ලෙස සඳහන්ව ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ  විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රු. 203 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වේ.

එහි ගැනුම් මිල රුපියල් 199.21ක් ලෙසින් වාර්තා වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

මීට පෙර මාර්තු 31 වන දින ඩොලරයේ විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගොස් තිබුණි.