#ranjith maddumabandara

  • පළාත් සභා මැතිවරණයේ දී විකල්පයක් නිර්මාණය වේවි - සජිත් ප්‍රේමදාස

    වෙනසක් අපේක්ෂාවෙන්, අලුත් ක්‍රමයක් වෙනුවෙන් ඡන්දය ලබා දුන් ලක්ෂ ගණනින් ජනතාව අද වඩාත් හොඳ විකල්පයක්, වඩාත් ශක්තිමත් ගමන් මාර්ගයක්, පළාත් සභා මැතිවරණ හරහා නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කරන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ආණ්ඩුවට අවුරුද්දයි මාස හතරයි; ජනතාවට දුන් පොරොන්දු කෝ...? -රංජිත් මද්දුම බණ්ඩාර

    ජාතික ජනබලවේග ආණ්ඩුව බලය ලබාගෙන අවුරුද්දයි මාස හතරක කාලයක් ගතවී ගොස් තිබුණ ද මේ කාලය තුළ ආණ්ඩුව ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කළා දැයි ප්‍රශ්නයක් පවතින්නේ යැයි රංජිත් මද්දුම බණ්ඩාර පැවසී ය.

  • ආණ්ඩුවට එරෙහි නුගේගොඩ රැළියෙන් සජබ ලිස්සයිද?

    ආණ්ඩුවට එරෙහිව ලබන නොවැම්බර් මස 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට විරෝධතා වැඩසටහනට සහභාගි වනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
  • එජාපය සහ සජබය සහයෝගයෙන් වැඩ කිරීමට එකග වෙයි

    එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් වැඩ කිරීම සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වූ බව එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  පවසයි.

    ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු ඒ බව සදහන් කළේය.





    එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ සමගි ජන බලවේගය  කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සහ ඊට පෙර පැවැති කළමනාකරණ කමිටු රැස්වීම් දෙකකදී ඒකමතික තීන්දුවක් හරහා සමගි ජන බලවේගයේ නායකත්වයෙන් මූලිකත්වයෙන් සහ මෙහෙයවීමෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පොදු වැඩපිළිවෙළකට ක්‍රියාමාර්ගයකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට තීරණය කළ බවයි.



  • කථානායකට එරෙහිවත් විශ්වාසභංගයක්?

    කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ කථානායක තීරණය ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

    විපක්ෂයේ ප්‍රජාත්‍රන්තවාදී අයිතිවාසිකම් සුරැකීමට කටයුතු නොකරන්නේ නම් කථානායකවරයාට එරෙහිව ද විශ්වාසභංගයක් ගෙන ඒමට කටයුතු කරන බව මද්දුමබණ්ඩාර  වැඩිදුරටත් පැවසීය.

    කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක  පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ, කිසිවිටෙකත් කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයකින් කථානායකවරයාව පරාජය කිරීමට විපක්ෂයට නොහැකි බවය.



    "කථානායකවරයාගේ නියෝගය අනුව කිසිම ප්‍රශ්නයක් නෑ අපි ඕනෑම වෙලාවක ආණ්ඩු පක්ෂය ලෙස වාද කරන්න ලෑස්තියි. ඔබතුමාට තර්ජනය කළා මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා, ඔබතුමා මේකට අවසර දුන්නේ නැතිනම් ඔබතුමාට විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා කියලා. දැන් අපි අහන්නේ, ඔබතුමා පත්වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නිසි ඡන්දයකින්. දැන් මේකද ප්‍රජාතන්ත්‍රවාදය. ඔබතුමාව පරාජය කරන්න මෙයාලට බෑ. නමුත් ඒකද විපක්ෂ නායකවරයාගේ ස්ථාවරය. ඒ තර්ජනයද ? අපිට ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලා අරුණ ජයසේකර මහත්තයාට අදාළව පාර්ලිමේන්තුවේ නීතිරීතිවලට ඕනෑම මෝෂන් එකක් ගේන්න. අපි කැමතියි වාද විවාද කරන්න."

     

    Ada derana.lk

     

  • මාලිමා මන්ත්‍රී කතාව අභූත බොරුවක්; මැතිසබෙන් එළියට ඇවිත් කියන්න - සජබ මහලේකම්

    පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපතිවරයාට ලබාදීමක් ගැන කරන චෝදනාව මුළුමනින්ම අසත්‍ය යැයි සමගි ජනබලවේගය පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න