#parliament

  • අතුරුදන් වූ ඩොලර් ලක්ෂ 25ක වාරිකය පිළිබඳ විධිමත් තොරතුරු කෝ...? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    ''අප රටෙන් ගෙවන්නට තිබූ ඩොලර් ලක්ෂ 25ක වාරිකයක් පසුගිය දිනවල අතුරුදන් වී වංචනික ලෙස රටට අහිමි වුණ බවත්, මෙහි බර රටේ බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන නමුත් මේ ගැන තවමත් හරිහමන් තොරතුරක් නොමැති අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ යුතුකම යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.

  • අයවැය නොවැම්බර් 7 වැනිදා

    2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) 2025 නොවැම්බර් 7 වැනිදා සිදු කිරීමටත්, නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමටත් තීරණය කර තිබේ.

    කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මහලේකම්වරිය පැවසුවාය.

    මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) සිදු කිරීමටත්, අනතුරුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී ඇත.

    ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

    නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5, ප.ව 6.00ට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟතාවය පළ වී ඇත.

    මෙම කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත් වේ.

    එසේම කාරක සභා අවස්ථාවේ විවාද කාලසීමාව තුළ පාර්ලිමේන්තුව සදුදා දිනවල පෙ.ව 9.30ටත්, අන් සෑම දිනකම පෙ.ව 9.00ටත් රැස්වීමට මෙහිදී තීරණය වී තිබේ.

     

    The leaader.lk

  • නාමල් ගේ ලියුමට මැතිසබේ ලේකම් ගෙන් ප්‍රතිචාර

    ඉදිරි දිනවල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණධීර ගෙන් ඊයේ (07) ඉල්ලීමක් කර ඇත.

  • පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව ඉහළ නැංවීමේ යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක්

    පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව වැඩි කිරීමට අදාළව යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ගෘහ්‍ය කාරක සභාවේදී තීරණය වී තිබේ.

    කථානායකවරයාගේ ඉල්ලීම පරිදි බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආහාරපාන පිළියෙල කිරීමට අදාළ මුළුතැන්ගෙය ඇතුළු ස්ථාන පරීක්ෂා කිරීම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කෙරිණි.

    ඒ අනුව ඊට අදාළ නිරීක්ෂණ ඇතුළත් වාර්තාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ගෘහ්‍ය කාරක සභාවට සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.

    මෙහිදී අදහස් දක්වමින් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වයි.බී ඉන්දික  පැවසුවේ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 150කට ආසන්න ප්‍රමාණයක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමර්ශනය කල ද පාර්ලිමේන්තුවේ ආහාරවල සුරක්ෂිතබව පිළිබඳ නිරීක්ෂණයට එක්වූයේ පළමු වරට බවය. ඒ සඳහා මැදිහත් වූ කථානායකවරයාට ස්තූතිය පළ කරන බව ද  පැවසීය.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාර අමුද්‍රව්‍ය ලබාගැනීමේ සිට ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම සහ පිළිගැන්වීම පිළිබඳව සිදුකළ විමර්ශනයේ වාර්තාවක් කථානායකවරයාට ලබා දුන් බව සඳහන් කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සේවකයන් සඳහා ආහාරපාන පාර්ලිමේන්තුව විසින් සැපයීම සිදුකරන අතර පාර්ලිමේන්තුවේ ආහාරපානවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ගරු කථානායකවරයා විසින් අවධාරණය කරන ලදී.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ ආහාරපාන අංශයේ පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු මෙන්ම අනෙකුත් ගැටලු කඩිනමින් මඟහරවා ගැනීමට අදාළ යෝජනා සකස් කිරීම පිණිස මෙම කමිටුව පත් කරන බව කථානායකවරයා මෙහිදී සඳහන් කළේය.

    ඒ අනුව ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ මුළුතැන්ගෙය කටයුතු පිළිබඳ විශේෂඥ දැනුමැති ඉංජිනේරුවෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකු, පාර්ලිමේන්තුවේ ආහාරපාන හා ගෘහ පාලන සේවා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරුවරයා මෙම කමිටුවට ඇතුළත් විය යුතු බවට ද මෙහිදී යෝජනා විය.

    මීට අමතරව මාදිවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ නිල නිවාසවල පවතින සේවා සැපයීම්, නඩත්තු කටයුතු ඇතුළු කරුණු පිළිබඳව ද මෙම කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ සම්බන්ධයෙන් පවතින අඩුපාඩු කඩිනමින් නිරාකරණය කිරීමට පියවර ගන්නා ලෙස ද කථානායකවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

     

    ada derana.lk 

  • මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව: ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද  “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ලැබී තිබේ.

  • මන්ත්‍රීලාගේ මැතිසබේ අල්මාරි අවුස්සයි

    අයවැය ඉලක්ක කර ලබන  මාසයේ දින තුනක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කරන බව කතානායකවරයා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.

    නොවැම්බර් මස4, 6, සහ 7දෙදිනේදී මෙම පරික්ෂාව සිදු කෙරේ

    එහිදී මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවල  පූර්ණ පරීක්ෂාවකට ලක් කෙරෙන  බවද කතානායකවරයා ප්‍රකාශ කළේය.

    අයවැය කතාව ජනාධිපතිවරයා නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය. මහජන ගැලරිය ලබන මස 7 වැනිදා  ආරාධිත අමුත්තන්ට පමණක් සීමා කෙරේ.

    පාර්ලිමේන්තු රථ ගාලද මෙදින වසා දැමෙන බව කථානායකවරයා පැවසීය.

    මන්ත්‍රීවරුන් පැමිණෙන රථවාහන අදාළ රථ ගාල් වෙත යොමු කෙරේ. මේ සඳහා සියලුම මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කතානායකවරයා පැවසීය.

    රථ වාහන පොලිසිය සමීප පොලිස් ස්ථාන මගින්  මෙදින විශේෂ රථ වාහන වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කෙරේ.


    2026 අයවැය විවාද පිලිබඳ වැඩසටහන මෙන්න



    WhatsApp Image 2025 10 23 at 11.26.09 300cea5c




    (lankadeepa)


  • ලක්ෂ 25, 50 දෙනව කිව්වට මරණයක් සඳහා දෙන ලක්ෂ 10වත් හරියට දීල නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පූර්ණ හානි සඳහා ලක්ෂ 50ක සහනයක්, අර්ධ හානි සඳහා රු. ලක්ෂ 25ක සහනයක් දෙනවා යැයි පැවසුව ද අවම වශයෙන් මරණයක් සඳහා වන රු. ලක්ෂ 10 හෝ නිසි පරිදි ලබා දි නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • ලංකාවට ප්‍රසිද්ධියේ සමාව ගන්න වෙලා !

    දශක ගණනාවක් පුරාවට අතුරුදන් කිරීමට ලක්වූ දහස් ගණනකගේ ඉරණම පිළිබඳව සහ ඔවුන් සිටින ස්ථාන හෙළි කිරීමටත් එම අපරාධවලට වගකිව යුත්තන්ට දඬුවම් පැනවීමටත් ශ්‍රී ලංකා රජය අර්ථාන්විත පියවර අනුගමනය කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඊයේ (17) වාර්තාවක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

    ලංකාව අදාළ  අපරාධ සඳහා රාජ්‍ය ආරක්ෂක අංශවල සහ අනුබද්ධ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු බවද එහි සඳහන් බවත් වාර්තාවෙයි.

    අතුරුදන් කිරීම්වලට ලක්වූ සියලුම ශ්‍රී ලාංකිකයින් කිසිදා අමතක නොකළ යුතු බවට මෙම වාර්තා මගින් යළිත් සිහිකැඳවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් පවසයි.

    බොහෝ කාලයක සිටි අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව තොරතුරු දැනගැනීමට බලා සිටින ඥාතීන්ට සත්‍ය දැනගැනීමේ අයිතියක් පවතින බවත් අතුරුදන් කිරීම්වලට ලක් වූවන්ට රජය ණයගැති බවත් වෝල්කර් ටර්ක්  එම වාර්තාව හරහා දන්වා තිබේ.

    මෙවැනි අපරාධ ඒවාට මුහුණ දුන් පිරිසට පමණක් නොව සමාජයක් ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම කම්පනය දනවන සුළු බව වාර්තාවේ දැක්වෙයි.

    අතුරුදන් කිරීම්වලින් සියලුම පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය අනුමත කිරීම වැනි ධනාත්මක පියවර අනුගමනය කර තිබුණත් ඒක පුද්ගල අතුරුදන්වීම් පිළිබඳව විමර්ශන කිරීම් සීමිත බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ අවධාරණය කර ඇත.

    අතුරුදන් කිරීම්වලට ලක්වූවන් පිළිබඳව සෑම තොරතුරක්ම අනාවරණය වන තෙක් විමර්ශන සිදුකිරීමට රජය බැඳී සිටින බවට වන ජාත්‍යන්තර නීතිය දිගින් දිගටම උල්ලංඝනය වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මතය බව සඳහන් ය.

    සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී තිබුණත්, අතුරුදන් කිරීමේ පළමු රැල්ල ආරම්භ වී දශක ගණනාවක් ගතවී තිබුණත්, එම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් අපොහොසත් වී ඇති බව වාර්තාවේ දැක්වෙයි.

    ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමිසම අවධාරණය කරන්නේ දශක ගණනාවක් පුරා සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වගවීම සහතික කළ යුතු බවය.

  • විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව විපක්ෂය කතානායකට ලියයි

    උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන් ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳ ව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ව්‍යවස්ථාදායකය සභාවේ සභාපතිවරයා ලෙස අතිගරු ජනාධිපතිතුමා ගෙන් ඉල්ලීමක් කරන ලෙස ද,  පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර ජනතාව සතු පරමාධිපත්‍යයේ ප්‍රධාන අංගයක් වන අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටිමින්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කළ ලිපියක් අද (12) ගරු කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත බාරදී ඇත.

     

    721466946 1433462078587943 7993604772192446523 n

    719188275 1433462101921274 3191766173525851249 n

    (මාධ්‍ය අංශය )විපක්ෂ නායක කාර්යාලය - ‎ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

  • විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසීම අපහාසයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව කිසිදු මන්ත්‍රීවරයකුට සිය පාර්ලිමේන්තු කතාවක් තුළ තවත් මන්ත්‍රීවරුන්ට අපහාසාත්මක ලෙස කතා කළ නොහැකි බව සඳහන් වුව ද සභානායකවරයා ගේ කතාවේ දී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 5 ශ්‍රේණිය අසමත් යැයි පැවසූ බැවින් එය අපහාසයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

  • සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලති

    මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ නොසන්සුන්තාව සහ ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු  විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත අද (07)  ලිඛිත ඉල්ලීමක් සිදු කළහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න