ප්‍රමිති සහතික නොමැතිව බෙලිඅත්ත ගැටමාන්න ඇල්දෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු කර්මාන්තශාලාවක් වටලා ටින්කළ මාළු තොගයක් ඇතුළු ටින්මාළු නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පෙරේදා (22 වැනිදා) සීල් තැබීය.
යාපනයේ පෞද්ගලික රෝහලක් විසින් Full Blood Count (FBC) රුධිර පරීක්ෂාව සඳහා නියමිත උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අය කිරීම සම්බන්ධයෙන් පළ කළ පුවතෙන් අනතුරුව, එම උපරිම ගාස්තු නියම කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාරිභෝගිකයින් රැසක් විමසීම් කර ඇත.
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය (Reagents) සහ ඖෂධ වර්ග භාවිත කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් දඩ ලෙස නියම කර ඇතැයි ජාතික පාරිභෝගික අධිකාරිය පවසයි.
පසුගිය 21වන දා සවස: කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේ පිහිටි ආයතනයක් විසින් ලොරි රථ තුළ රහසිගතව ගබඩා කර තිබූ කල් ඉකුත් වූ පොහොර වර්ග තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) විශේෂ මෙහෙයුම් ඒකක අංක 01 නිලධාරීන් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටලීමක දී අත්අඩංගුවට ගනු ලැබී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු. ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.
අප ගැන | අමතන්න