මම ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම් - නාමල් රාජපක්ෂ

මම ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට සූදානම් - නාමල් රාජපක්ෂ

තමන් ඕනෑම මොහොතක ස්වාධීන පරීක්ෂණයකට මුහුණ දෙන්නට සූදානම් බවත්, තමන් කිසිදු වරදක් සිදු කර නොමැති බවත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) අල්ලස් හා දූෂණ  කොමිසම හමුවේ පෙනී සිටීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ…

ආණ්ඩුවේ මැති ඇමතිවරු පූර්ණ නිගමනවලට ඇවිල්ලා

"නීතිය වැඩ කරන්නේ නැති පාටක් පේන්නේ. මොකද දැන් විනාඩි 15ක් තිස්සේ බලන් හිටියා පාර මාරු වෙන්න. ගිහිල්ලා බලන්න ඕනේ ඉතින්. ගිහිල්ලා අහලා බලලා කියන්නම්. නෑ, මම මෙහෙට කාලෙකට පස්සේ ආවේ. හැබැයි එන්න කියන හැම පාරම එනවා. මොකද අපිට මගහරින්න  අවශ්‍යතාවයක් නැහැනේ. ආණ්ඩුවේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ දී කියන කාරණා දිහා බැලුවාම, ඒ අය දන්නවා මේ රටේ පොලිසියට සහ මේ ආයතනවලට වඩා ඒ අය ගාව තමයි පරීක්ෂණ කටයුතු තියෙන්නේ. ඉතින් ඒ අය පූර්ණ නිගමනවලට ඇවිල්ලා, අත්අඩංගුවට ගන්න ඒවා, නඩු තීන්දු දෙන ඒවා දීලා ඉවරයි. ඒක තමයි මේ දේශපාලනය. ඉතින් අද අවාසනාවකට මේ රටේ පොලිසියේ සහ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය පිළිබඳව ජනතාව ප්‍රශ්න කරන්න පටන් අරන් තියෙනවා.

 

මේ සාධාරණ පරීක්ෂණ නෙවෙයි

නාමල් රාජපක්ෂ 12 වෙනිදා හිටියත් නැතත්, මහා ජනකායක් 12 වෙනිදා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන්, රට වෙනුවෙන්, මේ අපේ බලවේගයේ ජයග්‍රහණය කරන්න එනවා. මොකද මේ සාක්ෂි හදපු ඒවනෙ තියෙන්නේ. ඒ හින්දා අපි ඒවා වෙලාවට කියන්නම්. ඉතින් සාක්ෂි හදපු කෙනා දන්නවා හදපු සාක්ෂිය මොකක්ද කියලා. ඒකයි කලබල වෙලා තියෙන්නේ. මම දන්නවනේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන විදිය. පැහැදිලිවම මම වැරැද්දක් කරලා නැහැ. අපිට වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා අපි ඕනෑම වෙලාවක ස්වාධීන පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්. මොකද ජනාධිපති සාක්ෂි හදපු කෙනානේ. ඉතින් එයා දන්නවා හදපු සාක්ෂිය මොකක්ද කියලා. ඉතින් හදපු සාක්ෂිය කියන කෙනා තමයි පාර්ලිමේන්තුවේ ප්‍රතිඵලය කියන්නේ. ඉතින් නාමල් රාජපක්ෂගේ ඉරණම තීන්දු කරන්නේ 159 දෙනා නම්, ඔය 159 දෙනාගේ ලොක්කා තමයි සාක්ෂිය හදලා තියෙන්නේ. එහෙම නැතුව මේ සාධාරණ පරීක්ෂණවලින් නෙවෙයි. ඉතින් අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ අධිකරණ පද්ධතිය සාධාරණ විය යුතුයි, සහ සාධාරණත්වය ආරක්ෂා කරන්න ගරු විනිශ්චයකාරවරු සහ මේ රටේ නීති ප්‍රජාව කටයුතු කරනවා. ඒ වගේම ජනාධිපතිගේ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනුත් ප්‍රකාශයක් කරලා තිබ්බනේ. ඉතින් එතුමා ඒ ප්‍රකාශය, එතුමාගේම ආණ්ඩුවේ පොලිස්පතිවරයාට ගහපු හින්ට් එකක්. යටවෙන්න එපා කියලා බලයටයි සල්ලියි වලටයි. ජනාධිපතිතුමා කිව්වේ තමන්ගේම පොලිස්පතිවරයාට.

පැලවත්තෙන් අහලා කියන්නම්

මගේ දේශපාලන ගමන තීන්දු කරන්නේ මාලිමාව නෙවෙයි, මේ රටේ ජනතාව. මගේ දේශපාලනය මම ජනතාව එක්ක කරන්නම්. එන්න කිව්ව කාරණය ගිහිල්ලා බලන්න ඕනේ. ගිහිල්ලා බලලා ඇවිල්ලා කියන්නම්.බය නම් අපි එන්නේ නැහැනේ. අපි එන්න අහපු හැමෝට ම කිව්වා එන්න ඕනේ නැහැ කියලා. අහන්න ඕනේ දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නවලට උත්තර දෙන්න ගියොත් මම මෙතන පරක්කු වෙනවා. ඒ හින්දා මම ගිහිල්ලා ඇවිල්ලා... ගිහිල්ලා එව්වොත්වොත් උත්තර දෙන්නම්. මොකද ඒක අහන්න ඕනේ මේ පැලවත්තෙන්. පැලවත්තෙන් අහලා කියන්නම්. මම බලන් ඉන්නවා ජනාධිපති ලේකම් කන්ටේනරයට පන්නලා අහුවෙච්ච කෙනෙක්. මම බලනවා ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරන විදිය ඒ ලේකම්ට. බලමුකෝ, ජනාධිපතිතුමා ඊයේ පොලිස්පතිවරයාටත් ගැහුවනේ ෂොට් එකක්. ගිහිල්ලා ඇහුවොත් කියන්නම්."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න