වී මිලදී ගැනීමට රජය සෘජුව මැදිහත් විය යුතුයි - නාමල් රාජපක්ෂ

වී මිලදී ගැනීමට රජය සෘජුව මැදිහත් විය යුතුයි - නාමල් රාජපක්ෂ

හාල් මිල පාලනය කිරීමට හැකිවන්නේ රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් වී යම් වී සංචිත ප්‍රමාණයක් තබා ගැනීමෙන් බවත්, එසේ නොමැතිව පෞද්ගලික අංශයට හෝ වෙළඳපොළට මිල තීරණය කිරීමට ඉඩ දීමෙන් ගොවියාට සාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ගොවි ජනතාවගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව සංවාදයට ගනිමින් පසුගියදා කැකිරාව මානකැටේ ගම්මානයේදී පැවැත්වුණු පළමු සංවාද මණ්ඩප වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙම සංවාද මණ්ඩපයේදී එක් ගොවි මහතෙකු අද වන විට වී විකුණා ගැනීමේදී මතුවී ඇති දුෂ්කරතාවයන් පිළිබඳව මතු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ හාල් මිල පාලනයට මෙන්ම, වී ගොවියා සහ කුඩා මෝල් හිමියන් ආරක්ෂා කර ගැනීමට නම් රජය වී මිලදී ගැනීමට සෘජුව මැදිහත් විය යුතු බවයි.

එමෙන්ම වී නිෂ්පාදන පිරිවැය අවම කිරීමට රජය මැදිහත් විය යුතු බවද, ඒ අනුව ගොවියාට ලාභයක් ලැබෙන සේ ගොවි සංවිධාන සමග සාකච්ඡා කර වී මිලදී ගැනීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් වත්මන් රජය පසුගිය යල කන්නයේ ගොයම් කැපීමට ආසන්නව තිබියදී හාල් මෙට්‍රික් ටොන් 120,000 ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවද, ඒ නිසා වෙළඳපොළේ මේ වන විට එම ආනයනය කළ සහල්ද පවතින බවත්, මෙරට වී සහල් කළ විට එම අනයනය කල සහල් වල මිලට ලබා දෙන්නේ කෙසේද යන්න ගැනුම්කරුවන්ද ගැටලුවලට මුහුණ පා ඇති බවද ඔහු පැවසීය. එබැවින් මෙරට වී අස්වැන්න නෙළන කාලයේදී හාල් ආනයනය සිදු නොකළ යුතු බවද ඔහු පැවසීය.

මීට අමතරව මෙම වැඩසටහනේදී ගොවි ජනතාව අද වන විට මුහුණ පා ඇති ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වූ මෙහි සම්පූර්ණ වැඩසටහන පහත වීඩියෝව හරහා නැරඹිය හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න