සුපිළිපන් සතියට සමඟාමීව අධිකරණ අමාත්‍යංශයේ වැඩසටහන් රැසක්

සුපිළිපන් සතියට සමඟාමීව අධිකරණ අමාත්‍යංශයේ වැඩසටහන් රැසක්

“සුපිළිපන් සතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන සුපිළිපන් සතිය මෙම මස 27 වන දින සිට 31 වන දින දක්වා ක්‍රියාත්මක වන අතර, ඒ වෙනුවෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් සංවිධානය කරන ලද විශේෂ වැඩසටහනක් අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේ දී අද (27) පැවැත්විණි.

WhatsApp Image 2026 07 27 at 12.56.22

 

සුපිළිපන් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කිරීමේ වැදගත්කම

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක ගේ අත්සනින් යුතුව චක්‍රලේඛයක් මගින් සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කර ඇති මෙම සතිය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වන්නේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දුෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැංවීම යි.

758677366 1483285420500888 2358444433920098150 n 1

සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව ලබාදීම සිදු කිරීමෙන් පසුව වැඩසටහන ආරම්භ වු අතර, සුපිළිපන් රාජ්‍ය සේවකයකු ලෙස කටයුතු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සහ අතිරේක ලේකම් (පාලන) සමන්ත විජයසිංහ විසින් නිලධාරීන් දැනුවත් කිරීම සිදු කරන ලදී.

අමාත්‍යංශ නිලධාරින් අතර නිර්මාණ තරගාවලියක්

සුපිළිපන් සතියට සමගාමීව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් වෙනුවෙන් සකස් කරන ලද අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා වන ආචාර ධර්ම පද්ධතිය එළි දැක්වීම මීට සමගාමීව සිදු කළ අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී අතිරේක ලේකම් (ප්‍රතිසංස්කරණ) කිශාන්ති මීහපොළ විසින් ආචාර ධර්ම පද්ධතිය සම්බන්ධව නිලධාරින් දැනුවත් කරන ලදී.

මේ අතර සුපිළිපන් සතියට සමගාමීව අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් අමාත්‍යංශයේ නිලධාරින් අතර, නිර්මාණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

සුපිළිපන් සංස්කෘතියක් ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම වෙනුවෙන් “ සුපිළිපන් නීතිගරුක රාජ්‍ය සේවයක් ” යන තේමාව යටතේ සිය නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, කාව්‍ය, නිසඳැස් රචනා හා නාට්‍ය යන අංශ ඔස්සේ සිය නිර්මාණ 2026 අගෝස්තු මස 31 වන දිනට පෙර අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත යොමු කළ යුතු වේ.

ඉදිරිපත් කර ඇති තේමාවට අනුකූලව එක් අයෙකුට එක් වර්ගයක් යටතේ එක් නිර්මාණයක් ඉදිරිපත් කළ හැකි අතර, සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන තමන් කැමති භාෂාවකින් වචන 250 කට නොඅඩුව රචනා නිර්මාණ ඉදිරිපත් කළ යුතු යි.

කාව්‍ය නිර්මාණ සඳැස් නම් පේළි 04 බැගින් කවි 06 ක් යතුරු ලියනය කර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර, විනාඩි 20 ක කාලයක් සඳහා වන පරිදි නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව තිබේ.

මාධ්‍ය ඒකකය - අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න