දේපළ බද්ද අවශ්‍ය නැතැයි රජය IMF වෙත දැනුම් දීලා!

දේපළ බද්ද අවශ්‍ය නැතැයි රජය IMF වෙත දැනුම් දීලා!

2027 වසර සඳහා ඉදිරිපත් කිරිමට නියමිත අයවැයට දේපළ බද්දක් හඳුන්වා දෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට බලකරමින් සිටින්නේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

නමුත් රජයේ අදහස වී තිබෙන්නේ රජය ආදායම් ඉලක්ක සපුරාගෙන ඇති බැවින් තවත් අලුත් බද්දක් අවශ්‍ය නොවන බව යි.

විශේෂයෙන් ම රජය සතු ව දේපළ හිමිකාරීත්වය පිළිබඳ නිසි දත්ත පද්ධතියක් නොවන බැවින් එවැන්නක් සකස් කිරීමට කල් ගත වනු ඇති බව ද රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී ඇත.

රජයේ මෙම තීරණය යහපත් තීරණයක් වුව ද ඒ පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමනාකාරයේ තීරණයක් ගනී ද යන්න පිළිබඳ ව අවිනිශ්චිත බව දේශපාලන විචාරකයෝ පවසති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න