මැලේසියානු ජාත්යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර ඊයේ (26) පස්වරුවේ දිවයිනට පැමිණියා.
පසුගියදා(25) මැලේසියා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල – 2026 (Malaysia Golden Globe Award – 2026) ලෙස පැවති 9 වන මැලේසියානු ජාත්යන්තර සිනමා සම්මාන උළෙලේදී “රිවස්ටන්” චිත්රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

එම චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරිකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනගැනීමට සමත් විය.

ඔවුන් දෙදෙනා ඊයේ (26) පස්වරු 4.01ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

