සිගරට් බදු කපා හැරීම නිසා 2025 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයට ලැබීමට තිබූ රුපියල් බිලියන 25කට අධික බදු ආදායමක් අහිමිව ඇති බව අනාවරණය වේ.
මෙම අනාවරණය සිදුකර ඇත්තේ වෙරිටේ රිසර්ච් විසින් හඳුන්වා දුන් 'Cigarette Tax Leakage Tracker' යන නවතම මාර්ගගත පුවරුව යි.
සිගරට් බද්ද පහළ වැටීම නිසා රජයට සිදුවන අලාභය 'Cigarette Tax Leakage Tracker' මිනිත්තුවෙන් - මිනිත්තුව නිරීක්ෂණය කරයි. එයට අනුව 2026 වසරේ පළමු මාස හය තුළ පමණක් අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 8 කට වඩා වැඩි ය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව සිගරට්ටුවක සිල්ලර මිලෙන් අවම වශයෙන් 75%ක කොටසක්වත් බදු ලෙස පැවතිය යුතු ය. ශ්‍රී ලංකාව අවසන් වරට මෙම නිර්ණායකයට ආසන්නයට ම (74%) පැමිණි ඇත්තේ 2018 වසරේදී ය.
නමුත් එතැන් පටන් එය පවත්වා ගැනීමට අපොහොසත් වීම නිසා, 2025 වසරේ සිට සිගරට් බදු ප්‍රතිශතය 67% දක්වා පහත වැටී තිබේ.
සිගරට් බද්දෙන් ලබාගත හැකි ආදායම ශ්‍රී ලංකාව අහිමිකරගනිමින් සිටින්නේ එසේය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ තොරතුරු සහ විශ්ලේෂණ සපයන ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.LK වෙබ් අඩවිය ඔස්සේ මෙම පුවරුව නැරඹිය හැකිය.

