ජීවක හේමාල් එදිරිසිංහ ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

ජීවක හේමාල් එදිරිසිංහ ගේ ඇප කොන්දේසි ලිහිල් කරයි

ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් ආයතනය මහබැංකුවේ මුදල් මණ්ඩලය ලබා දී තිබූ උපදෙස් නොතකමින් වසර 2012 වනවිට තැන්පත්කරුවන්ගේ මුදල් රුපියල් බිලියන 7.2ක් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති බව කියන සිද්ධියේ සැකකරුවෙක් ලෙස ඇප මත මුදා හැර ඇති එහි හිටපු අධ්‍යක්ෂ ජීවක හේමාල් එදිරිසිංහ යන අය දැඩි ඇප කොන්දේසි මත ශල්‍යකර්මයක් සඳහා විදේශ ගත වීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද අවසර ලබා දුන්නේය.

ලබන ජූලි 17 ශල්‍යකර්මය සිදු කරන බව සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරුන් ප්‍රමුඛ නීතිඥ මඩුල්ල අධිකරණය ට දන්වා සිටියේ ය.

රුපියල් කෝටියකට අධික දේපළ සහ වාහන ඇප මත තැන්පත් කිරීමෙන් අනතුරුව අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් 12 කැඳවන ලෙසත් එදිනට සැකකරුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේ ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී ජීවක හේමාල් එදිරිසිංහ අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටිය ද අනෙකුත් සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න