"දැන් නම් අමාරුයි" යන තේමාව යටතේ මහජනතාව, සිවිල් සංවිධාන, දිනන දකුණ සාමූහිකයේ මූලිකත්වයෙන් අද (01) දිනයේ කොළඹ නගරය ආශ්‍රිතව සංකේතාත්මකව විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත්තේ විදුලි බිල, ගෑස් මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පීඩාවට පත් ජනතාවගේ වේදනාව නිරූපණය කරනු පිණිසය.
“දැන් නම් අමාරුයි” යන්න අප දකින්නේ හුදු ආණ්ඩුවට එරෙහි විරෝධතාවයකට වඩා, ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින දැවැන්ත පද්ධතිමය බිඳවැටීමට විකල්පයක් වීමට වත්මන් ආණ්ඩුව ද අසමත් බවයි. දිනන දකුණේ අරමුණ වනුයේ අපේක්ෂාභංගත්වයට පත් පුරවැසියාට "දැන් නම් අමාරුයි" යනුවෙන් හැඟෙන්නේ ඇයි ද යන්න ආණ්ඩුවත් විපක්ෂයත් ගැඹුරින් විග්‍රහ කරගත යුතු බව ඒත්තු ගැන්වීම ය.
වත්මන් මාලිමා පාලනය ද බලයට ඒම සඳහා භාවිතා කළේ පැරණි සාමාන්‍යයේ මෙවලම් (Old Normal Tools) හෙවත් ජනතාව ගේ බලාපොරොත්තු අසීමිත ලෙස ඉහළ නැංවීමේ උපක්‍රම ය. නමුත් මේ වන විට පුරවැසියන් හට මුහුණ දීමට සිදු වී තියෙන්නේ ණය බරින් සහ දුර්වල රාජ්‍ය ධාරිතාවයකින් යුත් නව සැබෑ යථාර්ථයටයි (New Actual Reality)
“දැන් නම් අමාරුයි” හරහා කෙරෙන්නේ මේ යථාර්ථය වර්තමාන පාලකයන් හට මතක් කර දීමය; යථාර්ථයට සූදානම් වන්න කියා ය.
අද දින පවත්වන දිනන දකුණ මූලික කරගත් විරෝධතාවය ජනතාව ගේ අසහනය පිට කරනා කපාටයක් විය හැකි ය.

