සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ, මියගිය දර්ශන හඳුන්ගොඩ යන අයට අයත් අධිකරණය බාරයේ තිබූ නඩු භාණ්ඩ වන ඔහුට අයත් පරිගණක ය සහ ජංගම දුරකතන ඔහුගේ බිරිඳ වෙත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දා නියෝග කර ඇත.
ඔහු ගේ බිරිඳ නිතිඥවරයෙක් හරහා සිදු කළ ඉල්ලීමට අනුව මෙලෙස මුදා හැර ඇත්තේ: නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකුට සහ රජයේ අධිනිතිඥවරියකට අසත්‍ය ප්‍රකාශ කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියා සිදු කරන රජයේ නිලධාරින් කෙරෙහි මහජනයා අතර වෛරය පැතිරෙන අයුරින් සහ කෝපයට පත්වන අයුරින් ඔහුට අයත් යූ ටියුබ් චැනලයකින් අසත්‍ය ප්‍රචාර සිදු කළ සිද්ධියක් සම්බන්ධයෙන් නඩු භාණ්ඩ ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබු භාණ්ඩ ය.

