ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි!

ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය තහවුරු කරයි!

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 09 ක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරණ ලදී.

එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කරණ ලද අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙම තීන්දුව ලබාදුන්නා.

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය ඥානසාර හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබූණා.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම මාස 9 ක සිර දඬුවම නියම නියම කර තිබුණි.

ඒ අනුව කොළඹ මහාධිකරණය අද(23) ලබා දුන් තීන්දුවත් සමග එම සිර දඬුවම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න