ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය එක තැන පල්වෙයි; CAPS වාර්ෂික වාර්තාව හෙළි කරයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය එක තැන පල්වෙයි; CAPS වාර්ෂික වාර්තාව හෙළි කරයි

Doing Good Index (DGI) දර්ශකය ඔස්සේ ආසියානු කලාපයේ සමාජ සේවා තත්ත්ව ඇගයීමට ලක් කරන ‘ආසියානු පරිත්‍යාගශීලීත්වය හා සමාජය සඳහා වූ මධ්‍යස්ථානය’ (Centre for Asian Philanthropy and Society - CAPS) විසින් නිකුත් කරන ලද නවතම වාර්තාව මගින් මේ බව හෙළිදරව් කර ඇත.

ඊයේ (ජූනි 17) දින නිකුත් කෙරුණු මෙම වාර්තාවට අනුව, 2022-2024 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන (NGO) සහ සිවිල් සංවිධාන ක්ෂේත්‍රය යම් ස්ථාවර මට්ටමක පවතින බව මතුපිටින් පෙනෙන්නට තිබුණ ද, එහි ඇතුළත් සවිස්තරාත්මක දත්ත සහ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ මෙම ක්ෂේත්‍රය තීරණාත්මක පසුබෑමකට ලක්ව ඇති බවයි.

Doing Good Index (DGI) දර්ශකය ගණනය කිරීමේ දී ප්‍රධාන විචල්‍යයන් හතරක් කෙරෙහි අවධානය යොමු කෙරේ. එනම්: රෙගුලාසි (Regulations), රාජ්‍ය ප්‍රසම්පාදන (Government Procurement), ආයතනික පද්ධති (Institutional Systems) සහ බදු සහ මූල්‍ය පරිසරය (Tax and Tax Incentives) යනාදි වශයෙනි. (ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන මුහුණ දෙන ප්‍රධාන අර්බුද (දත්ත ඇසුරින්)

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් වූ මෙම වාර්තාවට අනුව රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන සඳහා ලැබෙන ප්‍රතිපාදන සැලකිය යුතු ලෙස පහත වැටී ඇති අතර, ක්ෂේත්‍රයේ ප්‍රගතිය අඩාල කරන සාධක කිහිපයක්ම හඳුනාගෙන ඇත.

නෛතික අපැහැදිලි බව: රජය විසින් පනවනු ලබන රෙගුලාසි තේරුම් ගැනීමට ඇති හැකියාව 9% කින් පහළ වැටී ඇත.

ලියාපදිංචියේ ප්‍රමාදයන්: රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සඳහා අධික කාලයක් ගතවේ.

මානව සම්පත් හිඟය: සංවිධාන සඳහා පූර්ණකාලීන සේවකයින් බඳවා ගැනීමේ හැකියාව 12% කින් පහත වැටී ඇත.

විශ්වාසය බිඳවැටීම: 2024 වසරේ දත්තවලට අනුව මෙම සංවිධාන කෙරෙහි දක්වන විශ්වාසය; සමාජය තුළ 8% කින්ද, රජය තුළ 12% කින්ද, ව්‍යාපාරික ප්‍රජාව තුළ 9% කින්ද පහළ වැටී තිබේ.

රාජ්‍ය අනුග්‍රහය අඩුවීම: රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් (Government Procurement) තුළ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබුණු අවස්ථා 5% කින් අඩු වී ඇත.

 

ගත යුතු පියවර:

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සිවිල් සංවිධාන එකමුතුව එක්ව මෙම ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවිය යුතුය. වඩාත් සක්‍රීය සහ විනිවිදභාවයකින් යුතු සිවිල් සමාජ වටපිටාවක් රට තුළ ගොඩනැඟීම සමස්ත සමාජයේ ම යහපතට හේතු වනු ඇත.

Doing Good Index වාර්තාව සම්පූර්ණයෙන් කියවීම සහ බාගත කර ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න: Doing-Good-Index-2026-Report.pdf

 

NGO Services Lanka

www.ngosl.org

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න