අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 තෙක් කල් තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේ ය.
සැකකරුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා නඩුව යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ය.
මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා මේ නඩුව පවත්වාගෙන යෑමට නොහැකි යැයි ඔහු වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේය.

