රෝහල්ගත කර සිටින රැඳවි, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ දෛනිකව බැහැදැකීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන සහ නීතිඥ අසිත් සිරිවර්ධන යන දෙපළ අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපි දෙකක් යොමු කර ඇත.
ඔබ හොඳින් දන්නා පරිදි, තම ස්වාමිපුරුෂයා මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වී සිටින බවත්, ඔහුගේ ශාරීරික තත්ත්වය සහ මානසික සුවපැවැත්ම පිළිබඳව පවුලේ සාමාජිකයින් දැඩි කනස්සල්ලෙන් පසුවෙන බවත්, මෙම අතිශය දුෂ්කර කාලසීමාව තුළ, ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයින් ඔහු අසල රැඳී සිටීම සහ ඔවුන්ගේ සහයෝගය ඔහුට ලබා දීම අතිශයින්ම වැදගත් වන බව සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ බන්දුසේන තම ලිපියෙන් ඉල්ලා ඇත.
මේජර් ජෙනරාල් සලේ මේ වන විට මාරාන්තික උපවාසයක නිරත වී සිටින අතර, ඒ හේතුවෙන් ඔහුගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ අවදානමක් මතු වී තිබෙන බවත්, මෙම තත්ත්වය යටතේ, ඔහු රෝහල්ගත කර සිටින කාල සීමාව තුළ තමා ගේ සේවාදායකයා වෙත සාධාරණ සහ නිත්‍ය ප්‍රවේශයක් ලබා දීම අතිශයින් වැදගත් යැයි නිතිඥ අසිත් සිරිවර්ධන සිය ලිපියෙහි සඳහන් කර ඇත.
මතු පළ වන්නේ එම දෙපළ විසින් අපරාධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත යොමු කරන ලද ලිපි දෙක යි.

