අවේලාවෙහි නිවසකට ඇතුළු වූ හිමිනමක් වරද පිළිගනී

අවේලාවෙහි නිවසකට ඇතුළු වූ හිමිනමක් වරද පිළිගනී

එප්පාවල, ඇඳගල නල්ලමුදාව බටහිර ප්‍රදේශයේ පිහිටි නිවසකට අවේලාවේ ඇතුළු වූ ප්‍රදේශයේ විහාරස්ථානයක 42 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාර දෙන ලද පුවතක් එප්පාවල පොලිස් වසමෙන් වාර්තා වේ.

මෙසේ පොලිස් භාරයට පත් කර ඇත්තේ නල්ලමුදාව බටහිර ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ වැඩවාසය කරන විහාරාධිපති හිමිනමකි. පසුගිය 09වන රාත්‍රි 11.30 ට පමණ අදාළ හිමිනම තම නිවසේ මුළුතැන්ගෙය දෙසින් නිවසට ඇතුළු වීමට පැමිණෙනු දුටු නිවසේ හිමිකරු, වහාම ක්‍රියාත්මක වී ගම්වාසීන්ගේ ද සහාය ඇතිව උන්වහන්සේව රඳවා තබා ගැනීමට කටයුතු කර ඇත.

පසුව මේ පිළිබඳව එප්පාවල පොලිස් ස්ථානය වෙත දැනුම් දී ඇති අතර, එප්පාවල පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක රථ නිලධාරීන් විසින් හිමිනම අදාළ නිවසට ගොස් අත්අඩංගුවට ගනු ලැබ ඊයේ (10) අලුයම 1.30 ට පමණ එප්පාවල පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් රඳවාගෙන ඇත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඊයේ (10) උදෑසන එප්පාවල පොලිස් ස්ථානාධිපති ඊ.එස්. අබේසේකර ඉදිරියේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා සිද්ධියට අදාළ දෙපාර්ශවය ම පොලිසිය වෙත කැඳවා තිබුණි. එහි දී චෝදනාවට ලක් වූ විහාරාධිපති හිමිනම තමන් අවේලාවේ අදාළ නිවසට ඇතුළු වීම වරදක් බව පිළිගෙන ඇති අතර, තමන් මින් ඉදිරියට එම විහාරස්ථානයේ රැඳී නොසිට ඊයේ ම විහාරස්ථානයෙන් පිටව යන බවට පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. උන්වහන්සේගේ එම ප්‍රකාශයත් සමඟ සිද්ධිය දුරදිග ගෙන නොගොස් සමථයකට පත් කර ගැනීමට දෙපාර්ශවය ම එකඟතාව පළ කර ඇත.

මූලාශ්‍ර - Aluth Thorathuru

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න