කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරයි

 කොළඹ හිල්ටන් හෝටලය කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිමා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හෝටලයක් වන කොළඹ හිල්ටන් හෝටලයේ අමුත්තන්ගේ කාමර ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන සාර්ථකව අවසන් කළ බව පසුගිය දා එම ව්‍යාපෘතිය මෙහෙයවූ හොටෙල් ඩිවෙලොපර්ස් (ලංකා) ලිමිටඩ් විසින් සඳහන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය හෝටලයේ අඛණ්ඩ පරිවර්තනීය ගමන කෙරෙහි බෙහෙවින් ඉවහල් වන වැදගත් සන්ධිස්ථානයක් වනු ඇත.

 

hiltn 20251001

 


ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය තුළ පවතින ඉහළ තරඟකාරීත්වය හමුවේ මෙම හෝටලයේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තයේ ධනාත්මක ගමන් මග සහ එහි සුබවාදී දැක්ම කෙරෙහි ද මෙමඟින් මනා දායකත්වයක් සපයයි.


ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය තුළ වසර 35කට අධික අත්දැකීමක් සහ ඉතිහාසයක් ඇති කොළඹ හිල්ටන් හෝටලය නවීන මෙන්ම සුඛෝපභෝගී පහසුකම් රැසකින් සමන්විත අතර එහි අමුත්තන්ගේ කාමර සහ සූට්ස් 368ක් තිබේ.එපමණක් නොව වැඩිදියුණු කළ පොදු පහසුකම් රාශියක් මෙන්ම කාමර, අති නවීන භෝජනාගාර , අවන්හල් , රැස්වීම් පහසුකම් අන්තර්ගත වේ.

 

612342466

 

මේ සියලුම පහසුකම් ඔස්සේ හිල්ටන් හෝටල සන්නාමයේ ගෝලීය ප්‍රමිතීන්ට අනුව සේවාවන් පිරිනමනු ලැබේ.


2025 වසරේදී සමාගමේ ලාභදායිතාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් උපායමාර්ගික සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක විය. සාර්ථක ණය ප්‍රතිමූල්‍යකරණය ද මීට ඇතුළත් වූ අතර එමඟින් ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු මට්ටමින් අවම කරමින් මූල්‍ය නම්‍යශිලීත්වය ඉහළ නැංවීය.සමාගමේ ලාභදායිතාවය මෙන්ම දිගු කාලීන මූල්‍ය තිරසාරභාවය වර්ධනය කෙරෙහි එය ඉතා උපකාරී වේ.


මීට අමතරව මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ තිරසාර ලාභදායිතාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් පිරිවැය ප්‍රශස්ත කිරීමට ද සමාගම කටයුතු කර ඇත. මේ හරහා වැටුප් ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම මෙන්ම මෙහෙයුම් සහ පරිපාලන කටයුතු සඳහා වැයවන පිරිවැය අවම කරමින් පිරිවැය තත්ත්වයන් වඩාත් යහපත් පරිදි කළමනාකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත.

 

slry 20251001

තරඟකාරී වෙළෙඳපල තුළ හෝටලයේ ආදායම් තත්ත්වය වර්ධනය කරගනිමින් එහි මෙහෙයුම් කටයුතු වඩාත් තරඟකාරී ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් වෙන් කිරීමට සමාගම ක්‍රියා කර තිබේ. ඒ තුළින් කොළඹ හිල්ටන් හෝටලයේ වාණිජ සහ අලෙවිකරන හැකියාවන් තවදුරටත් ඉහළ නැංවේ.


සමාගමේ ලාභදායිතාවය වැඩි දියුණු කිරීමේ අභිලාෂයෙන් වසර 08කට පසුව කොළඹ හිල්ටන් හෝටලය විසින් සතුටුදායක ජයග්‍රහණයක් ලබාගැනීමට කැපවෙමින් සිටියි. එමඟින් සමාගමේ උපායමාර්ගික ව්‍යාපෘති සහ තිරසාර මෙහෙයුම්වල විශිෂ්ටත්වය මැනවින් පිළිඹිබු වේ.

මෑතකාලීනව ප්‍රමුඛ පෙළේ තරු 5 හෝටල් කිහිපයක්ම මෙරට වෙළෙඳපල වෙත පැමිණීමත් සමඟ හෝටල් කර්මාන්ත ක්ෂේත්‍රය වෙත නව හෝටල් කාමර දහසකට අධික සංඛ්‍යාවක් අලුතින් එක් වී ඇත.එවැනි තරඟකාරී පසුබිමක් තුළ කොළඹ හිල්ටන් හෝටලය විසින් සාර්ථකව දියත් කළ මෙම සුවිශේෂී සැලසුම් බෙහෙවින් වැදගත් වේ.

 

hq720

හිල්ටන් හෝටලය විසින් 2026 වසරේදී ද සිය ආදායම් තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා තවත් උපායමාර්ගික සැලසුම් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඒ අතර බොහෝ කලක සිට ඉදිකිරීමට සැලසුම් කරන ලද 'ශ්‍රී ලන්කන් කරී ලීෆ් රෙස්ටුරන්ට්' සහ හෝටලයේ ප්‍රධානතම 'ග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාව' නවීකරණය කිරීම ප්‍රමුඛ වේ. හෝටලයේ ආහාර පාන සඳහා ලැබෙන ආදායම සැලකිය යුතු මට්ටමින් ඉහළ නංවමින් ලාභදායීතාවය වර්ධනය කිරීම මෙහි අරමුණයි.

 

grand ballroom hiltonග්‍රෑන්ඩ් බෝල්රූම් ශාලාව


කොළඹ හිල්ටන් හෝටලය ව්‍යාපාරයේ ලාභදායිතාවය ඉහළ නැංවීමේ අරමුණින් හිල්ටන් මැනේජ්මන්ට් කෝර්පරේෂන් සමඟ ඇති ගිවිසුම පිළිබඳ නැවත සාකච්ඡා කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි.මෙම ව්‍යාපෘති මඟින් සමාගමේ මෙන්ම එහි කොටස්කරුවන්ගේ ද සමස්ත වටිනාකම වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

 

Ada derana.lk

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න