ජපානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි ඇරේ

ජපානයේ ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි ඇරේ

ජපානයේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි පණ ගැන්වීමට පියවර ගැනේ.  

කෂිවසාකි-කරීවා  (Kashiwazaki-Kariwa) නම් එම බලාගාරය යළි සක්‍රීය කිරීම පිලිබඳ එරට ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයකු විසින්,  අද (21)  නිවේදනය කෙරිණි. ජපානය තුළ පොසිල ඉන්ධන භාවිතය සීග්‍රයෙන්  අවම කිරීමේ ප්‍රශස්ත වැඩපිළිවෙළේ එක් අංගයක් ලෙස න්‍යෂ්ටික ක්ෂේත්‍රය ප්‍රතිස්ථාපනය කෙරේ.

ඒ අනුව, ජපානයේ නීගතා (Niigata) පළාතේ පිහිටි ලොව විශාලතම න්‍යෂ්ටික බලාගාරය යළි ක්‍රියාත්මක කිරීමට එහි ආණ්ඩුකාර හිදෙයෝ හනසුමී (Hideyo Hanazumi) අද අනුමැතිය ලබා දුන්නේය.

තෝකියෝ ඉලෙක්ට්‍රික් සමාගම (TEPCO) එහි මෙහෙයුම්කරු වේ. ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය පරිදි න්‍යෂ්ටික බලාගාරයේ විශාලතම ප්‍රතික්‍රියක එකක් හෝ දෙකක් යළි සක්‍රීය කිරීමට එම සමාගමට අවසර හිමි වේ.

එම සමාගමට අයත් ෆුකුෂිමා හි පිහිටි දයිචී න්‍යෂ්ටික බලාගාරය 2011 මාර්තු මස ජපානයට බලපෑ අති මහත් සුනාමි ව්‍යසනයේදී විනාශයට පත් විය. ඒ සමග එහි වූ ප්‍රතික්‍රියක 54ම වසා දැමීමට පියවර ගැනිණි. ජනාපනයට පොසිල ඉන්ධන මත යැපීමට තව දුරටත් බල කෙරිණි.

බලශක්ති සුරක්ෂාව වර්ධනය කරනු පිණිස සහ බලශක්ති ආනයන වියදම් අවම කිරීමට, ඉදිරියේ තවත් න්‍යෂ්ටික දියත් කිරීම් සිදු කිරීමට අපේක්ෂා කරන බව, එරට අග්‍රාමාත්‍ය, ටකායිචි සානේ පසු ගිය දා ප්‍රකාශ කළාය. රට තුළ විදුලි ජනනයට අවැසි ආනයනිත ශක්ති ප්‍රභවයන්ගෙන් 60%ත්, 70%ත් අතර ප්‍රමාණයක් වැය වන්නේ විදුලි ජනනයටය.

හීන වන විදුලි සැපයුම් සහ විදුලි මිල පාලනය සම්බන්ධයෙන් සේම, කාබන් විමෝචන රහිත බල ප්‍රභවයන් ආරක්ෂා කිරීම සම්බන්ධන්දයෙන් ද, න්‍යෂ්ටික බලාගාර සක්‍රීය කිරීම අත්‍යවශ්‍ය බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම්  මිනෝරු කිහාරා (Minoru Kihara) අද පැවසීය.

ෆුකුෂිමා බලාගාරයේ වසා දැමුණු ප්‍රතික්‍රියක 54න්, විනාශ නොවී ශේෂ වූ, ප්‍රතික්‍රියක 33න් 14ක් යළි සක්‍රීය කර තිබේ.

අද යළි විවෘත කෙරෙන කෂිවසාකි-කරීවා බලාගාරයේ ප්‍රතික්‍රියක දෙක භාවිතයෙන් මෙගාවොට් 2,710ක විදුලි ජනනයක් අපේක්ෂා කෙරේ. එය එහි විදුලි ජනන   ධාරිතාවෙන් තුනෙන් එකක් වේ. එහි පූර්ණ ජනන ධාරිතාව මෙගාවොට් 8,212 කි.

බටහිර ජපානයේ නව න්‍යෂ්ටික ප්‍රතික්‍රියකයක් නිෂ්පාදනයට අවැසි විමර්ශන සිදු කෙරෙමින් ඇතැයි  එරට, ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාර මෙහෙයුම්කරු වන කන්සායි ඉලෙක්ට්‍රික් පවර් ( Kansai Electric Power ) සමාගම පසු ගිය ජුලි මස පැවසීය. එය ෆුකුෂිමා අනතුරින් පසු ඉදි කෙරෙන පළමු  ප්‍රතික්‍රියක ඒකකය වේ.


(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)
11/21 /2025


මුලාශ්‍රය :

Japan regional governor to decide on restart of world's biggest nuclear power plant


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න