මේ අවස්ථාවේ මැති ඇමැතිවරුන්ගේ තබා කාගේවත් වැටුප් වැඩි කිරීමට තමා විරෝධය දක්වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (2) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.
මැති ඇමැතිවරුන්ගේ වැටුප් හෝ දීමනා වැඩි කිරීමට මෙය අවස්ථාවක් නොවන බව පැවසු අමාත්‍යවරයා ‘‘මැති ඇමැතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමක් ගැන මම දන්නේ නැහැ. මෙවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළෙත් නැහැ.‘‘යැයිද පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
