වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත භාරයේ සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව තවදුරටත් ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර ඇත.
අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඝාතන සිදුවීම සම්බන්ධව මෙතෙක් විමර්ශන අවසන්ව නොමැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
